slc
logo
Home   |    News
මැයි 25, 2024
අවු. 23න් පහළ අවසන් මහ සටන කොළඹ සහ දඹුල්ල අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (25 ද) නිමාවට පත්විය. ඒ අනුව හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (26 දා) දිනයේදී තරග වදිනු ඇත.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ඉකුත් 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු මෙම තරගාවලියේ මූලික වටය යටතේ තරග 12 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් ප්‍රතිඵල අත්කරගත හැකි වූයේ තරග 4 කදී පමණි. සෙසු සියලුම තරග වලට වර්ෂාවෙන් බාධා පැමිණිණු අතර ඉන් තරග 6 ක්ම එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීම කණගාටු දායක විය.

කෙසේ වෙතත් මෙතෙක් පැවැති තරග වලදී දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් ජය වාර්තා කරමින් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට සමත්ව සිටිති. මෙහිදී ආරම්භක දිනයේදී දඹුල්ල කණ්ඩාම විසින් ගාල්ල කණ්ඩායමත් කොළඹ කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළහ. එපරිදිම තරගාවලියේ අවසන් දිනය වූ අද දිනයේදීත් අදාළ එදිරිවාදීන් තරග වැදුණු අතර ප්‍රතිඵලයෙහි වෙනසක් නොවීය. ඒ අනුව කොළඹ පිල සහ දඹුලු පිල ජය වාර්තා කරමින් අපරාජිතව අවසන් මහ ගැටුමට සුදුසුකම් ලබා සිටිති.

පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය හෙට පෙ.ව. 9.30 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

අද පෙරවරුවේ පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායම විසින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කැන්ඩි පිල ලකුණු 16 කින්ද ගාල්ල පස්වරුවේ පැවැති තරගයේදී කොළඹ පිල විසින් ගාල්ල කණ්ඩායම කඩුලු 7 කින්ද පරාජයට පත් කිරීමට සමත්විය.

කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 87 ක් රැස් කරන ලදුව ඊට පිළිත්රු ඉනිම ක්‍රීඩා කිරීමේදීි වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය අතර මැද හමාර කිරීමට සිදුවිය. ඒ වන විටත් තරගය ජය ගැනීම සදහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව අභිබවා සිටීමට දඹුලු කණ්ඩායම සමත්වීම නිසා ඔවුනට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුම ලකුණු 16 ක ජයක් හිමිවිය. පන්දු යැවීමේදී මල්ෂි නිරාෂා පන්දුවාර 4 කදී ලකුණු 06 කට කඩුලු 4 ක් දවා ගනිමින් දස්කම් දැක්වූවාය.

පස්වරුවේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කන්ඩායම පන්දුවාර 16 කදී ලකුණු 80 කට සීමා කිරීමට හෂිනි ලියනගේ ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නියන් සමත්වූහ. හෂිනි ලකුණු 11 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිද්දී ඉතිරි කඩුලු 7 න් කඩුලු 6 ක්ම දුවද්දී දැවී යෑම්වලට හසුරුවීම කැපී පෙනිණ. ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී ආරම්භක පිතිකාරිණී ශිකාරි ද සිල්වා පන්දු 39 කදී නොදැවී ලකුණු 37 ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

දඹුල්ලට ලකුණු 16 ක ජයක්

මහනුවර පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 87 යි – (සුමුදු නිසංසලා 24, නෙත්මි ගුණරත්න 11, රශ්මිකා සෙව්වන්දි 17, මල්ෂි නිරාෂා 06/3, ප්‍රමෝදා ශයිනි 08/1, විදුෂිකා පෙරේරා 18/1, ලිමි තීලකරත්න 20/1)

දඹුල්ල පන්දුවාර 6.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 43 යි – (හෂිනි ඉන්ද්‍රජිත් 14, රශ්මිකා සෙව්වන්දි 09/1, ඉමල්ෂි ලියනගේ 10/1)

කොළඹට කඩුලු 7 ක ජයක්

ගාල්ල පන්දුවාර 16 කදී සියලු දෙනා දැවී ලකුණු 80 යි – (අසේනි තලගුනේ 18 එරන්දි හංසමාලි 24, හෂිනි ලියනගේ 11/3, තරූෂි 09/1)

කොළඹ පන්දුවාර 13.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 83 යි – (ශිකාරි ද සිල්වා 37*, අශානි කෞෂල්‍යා 10, තරූෂා රාජකරුණා 15/3)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee