slc
logo
Home   |    News
මැයි 20, 2024
ක්‍රීඩකයින්ගේ වෙනස්කම් රැසක් සමගින් LPL වෙන්දේසිය තව හෝරා කීපයකින්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය හෙට මධ්‍යාහ්න 12 ට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වේ. අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් 420 ක් සම්බන්ධ වන අතර, ඔවුන්ගෙන් 154 ක් ශ්‍රී ලාංකිකයින් වන අතර, ඉතිරි ක්‍රීඩකයින් විදේශීය ක්‍රීඩකයෝ වෙති.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වට 18 කින් සමන්විත වේ. පළමුව පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, කඩුලු රකින්නන්, වේග පන්දු යවන්නන්. දඟ පන්දු යවන්නන් වශයෙන් මෙන්ම යොවුන් ක්‍රීඩකයින්ද හෙට වෙන්දේසියේදී වෙන් වෙන් වශයෙන් ලංසු තැබෙනු ඇත. නිමාවට පත් වුණු 2023 වසරේදී වෙන්දේසිය මෙහෙයවූ ඉන්දීය ජාතිකයකු වන චාරු ශර්මා මහතා මෙවරද ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය මෙහෙයවීමේ සූදානමින් පසුවන්නේය.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය කණ්ඩායම් 5 සඳහා ඩොලර් මිලියන 2.5 ක් බෙදී යන සේ පැවැත්වෙනු ඇත. එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වන අතර එහිදී අවම වශයෙන් 90% ක මුදලක් වෙන්දේසිය වෙනුවෙන් යෙදවීම අනිවාර්යය වනු ඇත.

අවසන් වරට පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි 4 ම සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම්වලට ක්‍රීඩකයින් ලබා ගැනීමේදී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුව තිබීම විශේෂත්වයක් වී තිබේ. මෙතෙක් පැවැති තරගාවලි 4 න් පළමු තරගාවලි 3 ම ශූරතාව දිනා ගැනීමට සමත් වූ ජැෆ්නා කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා මෙවර තරගාවලියේදී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඉන් කැපී පෙනෙනම සිදුවීම වී තිබේ. ඔහුගේ දකුණත මෙන් ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණද මෙවර තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිිතව සිටින්නේ ගෝල් මාවල්ස් කණ්ඩායමටය.

තිසරව සහ තීක්ෂණව අදාළ කණ්ඩායම් විසින් මිලදී ගෙන තිබෙන්නේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් වලට සෘජුවම ක්‍රීඩකයින් සමග ගිවිසුම්ගත වීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමිනි.

වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 6 දෙනෙකු එක්කාසු කර ගැනීමේ අවස්ථාව සංවිධායකින් ලබාදී තිබෙන අතර ඔවුන්ට ක්‍රීඩකයින් සමඟ සෘජුවම ගිවිසුම්ගත වීමට අවස්ථාව ලැබී තිබේ. එමෙන්ම ඉකුත් වසරේදී තම කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙම වසර සඳහාත් කණ්ඩායමේ රඳවා ගැනීමට ද කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව ලබා දී තිබේ.

තිසරගෙන් හස්වන ජැෆ්නා නායකත්වයේ කිරුළ ඉකුත් වසරේ දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන ලද කුසල් මෙන්ඩිස් උසුලනු ඇත. එම වසරේදී දඹුල්ල කණ්ඩායම නියෝාජනය කරන ලද සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු ද කුසල් සමග ජැෆ්නා පිල නියෝජනය කිරීම කැපී පෙනෙයි.

ගෙවී ගිය වසරේදී ක්‍රීඩකයකුට හිමි වැඩිම ලංසුව ලද ජැෆ්නා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක මෙවර තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම්ගතව සිටියි. ඔහු සමඟින් නුවන් තුෂාරද මෙවර ක්‍රීඩා කරනු ලබන්නේ දඹුල්ල කණ්ඩායමට වේ. ගෙවී ගිය වසරේ ශූරතාව දිනා ගත් කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන වනිඳු හසරංග 2024 තරගාවලියේදීද මහනුවර කණ්ඩායම මෙහෙයවීමේ සූදානමන් පසුවන්නේය.

සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු මිලදී ගැනීම අනිවාර්යය වන අතර ඉන් සිව් දෙනෙකු එක් තරගයකට යෙදවිය හැකිය. දේශීය ක්‍රීඩකයින් 14 ක් අවමයද 18 ක් උපරිමයද වන සේ සංචිතයේ තබා ගැනීමේ අවස්ථාව මෙවරද කණ්ඩායම් වලට උදාවී තිබේ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර අවසන් 11 දෙනා අතරට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් හත් දෙනාගෙන් එක් අයෙකු වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයකු වීම අනිවාර්යය කර තිබේ.

කොළඹ – චාමික කරුණාරත්න, තිසර පෙ‍ෙර්රා, සධීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ෂදාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස්

දඹුල්ල – ඩිල්ෂාන් මදුශංක, නුවන් තුෂසාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්තෆිසූර් රාහ්මාන්, ඊබ්‍රහිම් සද්‍රාන්.

ගාල්ල – භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට්, ඇලෙක්ස් හේල්ස්.

ජැෆ්නා – කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අස්මාතුල්ලා ඔමර්සායි, නූර් අහමඩ්.

කැන්ඩි – වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, කයිල් මේයර්ස්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි
    ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. […]
  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar