slc
logo
Home   |    News
මැයි 25, 2024
දූෂණවලට සම්බන්ධ බවට බලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ ප්‍රතික්ෂේප කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි. ඉකුත් මැයි මස 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂකවරයා හා ක්‍රිකට් නිලධාරීන් තරග පාවාදීමට සම්බන්ධ බවට පදනම් විරහිත ප්‍රකාශයක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙලා දකී.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වගකිවයුතු පාලක මණ්ඩලය සහ උත්තරීතර අධිකාරිය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර 2020 සිට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය  සංවිධානය කරන අතර, එහි අඛණ්ඩතාවයට නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන අංශයේ අධීක්ෂණය නිරන්තරයෙන් ලබාගෙන ඇත. එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අධීක්ෂණය කළ අතර, එය ඔවුන්ගේ සේවයේ කොටසක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට දඹුල්ල කණ්ඩායමේ එක් හිමිකරුවකු  සැක කටයුතු ක්‍රියාකාරකමකට සම්බන්ධ බවට දැනුම්දීමක් කළේය.

එබැවින් ශ්‍රී ලංකා පොලිස් බලධාරීන් විසින් දඹුල්ල කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැපවීම තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ශ්‍රී ලංකාවේ පවතින නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් දිගින් දිගටම කටයුතු කර ඇත. ක්‍රීඩාව දූෂණයෙන් හා විෂමාචාරවලින් තොර බව සහතික කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙමින් දිගටම කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමු.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee