slc
logo
Home   |    News
මැයි 11, 2024
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් වූහ.

මෙම නව ජර්සිය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සංචාරක මර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණයකොට තිබීම විශේෂත්වයකි. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙම ජර්සිය භාවිතා කිරීමද Moose Clothing සමාගමේ අරමුණකි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු 9කින් යුත් පාලම, හඹරන අලි එකතුව, ශ්‍රී ලංකාවේ සඳකඩ පහන, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත මෙම ජර්සි නිර්මාණයට යොදා ඇත. එයින් ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තුදීමේ හැකියාව නොසැලෙන අධිෂ්ඨානය හා නොපසුබට උත්සහය පිළිඹිබු කරයි.

එබැවින් මෙම ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉතා අභිමානයෙන් යුතුව පැළදිය හැකි බවට විශ්වාසයකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ බලාපොරොත්තු හා සිහින ඉටු කිරීම සංකේතවත් කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහණ කරා යනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාව වේ.

Moose Clothing ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසීබ් ඔමාර් මහතා පැවැසූවේ නව නිල ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙත පිළිගැන්වීමට ලැබීම සතුටට කරුණක් බවය.

“මේ නව නිල ජර්සිය මගින් ශ්‍රී ලංකා අභිමානය ගෝලීය වශයෙන් විදහා දැක්වෙනවා. ක්‍රීඩකයින් දිරිමත් කිරීම වගේම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලෝකය වෙත පණිවිඩයක් ගෙන යනවා“ ඔමාර් මහතා පැවැසීය. Moose Clothing හා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනඟාගත් සහයෝගය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා ප්‍රමුඛයෙකු බවට පත්වීමේ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට මහත් ශක්තියක් බවද ඒ මහතා සඳහන් කළේය.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee