slc
logo
Home   |    News
මැයි 12, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි

sinhala editor

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ ලකුණු 145ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ලකුණු පුවරුව ඉහළ ගියේය. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් පන්දු 193කදී හතරේ පහර 16ක් එල්ල කිරීමට සමත් විය. පළමු දිනය නිමාවෙද්දී නොදැවී ලකුණු 34ක් ලබා සිටි වනුජ සහන් ඊයේ දිනයේදී ලකුණු 75කට දැවී ගියේය. ඔහු පන්දු 118කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ මෙම ලකුණු ගණන ශ්‍රී ලංකා පළමු ඉනිමට එක් කළේය. පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටින වනුජ සහන් ‘ඒ‘ තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය මෙය විය.

සොනාල් සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගූ විෂාද් රන්දික පන්දු 111කදී හතරේ පහර 8ක් එල්ල කරමින් ලකුණු 63ක් ලබා ගත්තේය.
පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘එ්‘ පිලේ පළමු කඩුල්ල ලකුණු 84දී දැවීගිය අතර, අනතුරුව පළමු කඩුලු 4ක් 104කට දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් පිලේ තරග දෙකකට සහභාගීවී ඇති වමත් දඟ පන්දු යවන සියා උර් රහ්මාන් ලකුණු 127කට කඩුලු 6ක් බිඳහෙලීමට සමත් විය.

හෙට (13) තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 435 (ඕවර් 101.3)
ඔෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, අතිරේක 18 ( නවීඩ් සද්‍රාන් 94/2, මොහොමඩ් ඉබ්‍රාහිම් 76/1, සියා සූ උර් රහ්මාන් 127/6, කලීල් ගුරුබාස් 59/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 18 (ඕවර් 6.1)
ඉම්රාන් නොදැවී 11, බහීර් ෂා 7 ( මිලාන් රත්නායක 12/1)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee