slc
logo
Home   |    News
මැයි 4, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි

sinhala editor

අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. මේ තරගාවලියේ ‘ඒ‘ කොටසට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම කොටසට අයත් කණ්ඩායම් පහ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සෙසු කණ්ඩායම් හතරම පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා – අමෙරිකා තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 123ට පිළිතුරු ලෙස අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබා ගත්තේ ලකුණු 105කි. ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු මේ තරගයේදී පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් ලකුණු 14කට කඩුලු තුනක් දවා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 123ක ප්‍රමාණය අභිබවා යාමට අමෙරිකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පවර් ප්ලේ ඕවර හය තුළ ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 22ක් පමණක් ලබා සිටියේ සෙමින් ලකුණු රැස් කරමිනි.

අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු  ලබා ගත් ඩිෂා ඩින්ග්‍රා පන්දු 29කදී ලකුණු 28ක් රැස් කළේ හතරේ පහර හතරක් ද සමඟිනි. මීට අමතරව නායිකාව සින්ධු ශ්‍රීහර්ෂා පන්දු 31කදී හතරේ තුනක් සමඟ ලකුණු 27ක් ලැබුවාය. පූජා ෂා රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 20කි.

චමරිට (14/3) අමතරව උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාලුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. ගීටිකා කොඩාලි එවු ප්‍රථම ඕවරයේ අවසාන පන්දුව කඩුල්ලේ වැදීමෙන් ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ලකුණු හතරකට දැවී ගියේ මුළු ලකුණු හයක් සඳහන් වද්දීය.

දෙවන කඩුල්ලට විශ්මි ගුණරත්න සමඟ හර්ෂිතා සමරවික්‍රම පන්දු 48කදී එක් කළ ලකුණු 49ත් සිව්වන කඩුල්ලට නිලක්ෂිකා ද සිල්වා සහ හංසිමා කරුණාරත්න පන්දු 47කදී රැස් කළ ලකුණු 43ත් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබු පිතිකාරිණියන් දෙදෙනා වූ හංසිමා කරුණාරත්න සහ විශ්මි ගුණරත්න රැස් කළේ ලකුණු 25 බැගිනි.

විශ්මි ගුණරත්න පන්දු 22කදී හතරේ තුනක් සමඟ ලකුණු 25ක් ද හංසිමා කරුණාරත්න පන්දු 27කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 25ක් ද රැස් කළහ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ද (පන්දු 31යි හතරේ තුනයි) නිලක්ෂිකා ද සිල්වා 21ක් ද (පන්දු 16යි හතරේ එකයි) අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 15ක් ද (පන්දු 16යි හතරේ පහරයි) වැඩිම ලකුණු රැස් කළ සෙසු පිතිකාරිණියන් වේ.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4ට 123යි (ඕවර 20යි) – (හංසිමා කරුණාරත්න නොදැවී 25, විශ්මි ගුණරත්න 25, හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂි ද සිල්වා 21, අනුෂ්කා සංජීවනී නොදැවී 15, ෂාන්වි ඉමාධි 14/1, අඩිටිබා චුඩසාමා 22/1යි)

 අමෙරිකා කාන්තා කණ්ඩායම ඕවර 20දී කඩුලු 6ට 105යි – (ඩිසා ඩින්ග්‍රා 28,  සින්ධු ශ්‍රීහර්ෂා 27, පූජා ෂා 20, චමරි අතපත්තු 14/3, උදේශිකා ප්‍රබෝධනී 13/1, ඉනෝකා රණවීර 20/1යි)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee