slc
logo
Home   |    News
මැයි 5, 2024
 සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු හතරක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 50ක් අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු 275ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම ඕවර 49.5කදී කඩුලු හයකට ලකුණු 276ක් ලබා මේ ජයග්‍රහණය අත්කර ගනු ලැබීය.

මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා ‘ඒ ‘ දැනටමත් තරග 3 – 1කින් ජය ගෙන සිටී.

ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායමේ නිශාන් මධුෂ්ක (115) සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායමේ රියාස් හසන් (106) ශතක රැස් කිරීම මේ තරගයේ විශේෂ සිදුවීම් විය.

ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 275හි (කඩුලු 7ට) ඕවරයකට ලංකා කණ්ඩායම රැස් කළ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 5.51කි.

ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායමට ලකුණු 275ක් වැනි සංඛ්‍යාවක් කරා යාමට මුල් වුයේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ප්‍රධාන කරගත් පස්වන කඩුල්ලේ සහ දෙවන කඩුල්ලේ සබඳතාවයන්ය. පස්වන කඩුල්ලට නිශාන් මධුෂ්ක සහ සොනාල් දිනුෂ ඕවර 22.4කදී (පන්දු 136කදී) එක් කළ සබඳතාව ලකුණු 137කි. මීට අමතරව දෙවන වැඩිම සබඳතාව වුයේ නිශාන් මධුෂ්ක අංක තුන පිතිකරු කමිල් මිෂාර සමඟ ඕවර 8.2කදී (පන්දු 50කදී) රැස් කළ ලකුණු 46 වේ.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක, අංක හය පිතිකරු සොනාල් දිනුෂ සහ අංක තුන පිතිකරු කමිල් මිෂාර ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් තිදෙනාය. 24 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුෂ්ක ජාත්‍යන්තර එක්දින තරගයක රැස් කළ ප්‍රථම ශතකයත් 23 හැවිරිදි වමත් පිතිකරු සොනාල් දිනුෂ ජාත්‍යන්තර තරගයක ලැබු ප්‍රථම අර්ධ ශතකයත් මෙය වේ.

නිශාන් මධුෂ්ක මෙදින පන්දු 127කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 115ක් ද අංක හය පිතිකරු සොනාල් දිනුෂ පන්දු 78කදී හතරේ හයක් සමඟ ලකුණු 78ක් ද අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 33කදී හතරේ තුනක් සමඟ ලකුණු 24ක් ද රැස් කළහ.

බිලාල් සාමි සහ කයිස් අහමඩ් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අතුරින් කැපී පෙනෙමින් කඩුලු තුන බැගින් දවාලීමට සමත් වූහ.

ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ ප්‍රථම කඩුල්ලට ආරම්භක පිතිකරුවන් දෙදෙනා රියාස් හසන් (106) සහ සුබයිඩ් අක්බාරි (68) ප්‍රථම කඩුල්ලට ඕවර 25.2ක් තුළදී ලකුණු 133ක සාර්ථක අඩිතාලමක් සැපයීම තුළින් ඔවුනට ජයග්‍රහණය කරා යාම පහසු විය.

රියාස් හසන් මෙදින ශතකයක් රැස් කරමින් ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ජය මාවතකට යොමු කිරීමට මූලික විණි.

ඇෆ්ගනිස්තානයේ මෙම ජයග්‍රහණයට පිතිකරුවන් සිව්දෙනකුගේ පූර්ණ දායකත්වය ද ලැබිණි. එම පිතිකරුවන් වූ රියාස් හසන් ලකුණු 106ක් ද (පන්දු 128 හතරේ 11යි) සුබයිඩ් අක්බාරි ලකුණු 68ක් ද (පන්දු 83යි හතරේ දහයයි) ෂාහිඩුල්ලා ලකුණු 39ක් ද (පන්දු 48යි හතරේ තුනයි) නන්ගෙයල්ලා කාරොට් ලකුණු 40ක් ද (පන්දු 29යි හතරේ පහයි) රැස් කළහ.

 ලකුණු පුවරුව

 ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම ඕවර 50දී කඩුලු 7ට 275යි – (නිශාන් මධුෂ්ක 115, සොනාල් දිනුෂ 78, කමිල් මිෂාර 24, වනුජ සහන් නොදැවී 13, බිලාල් සාමි 54/3, කයිස් අහමඩ් 62/3යි)

ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 49.4දී කඩුලු 6ට 276යි – (රියාස් හසන් 106, සුබයිඩ් අක්බාරි 68, ෂාහිඩුල්ලා 39, නන්ගෙයල්ලා කාරොට් 40, දුෂාන් හේමන්ත 39/2, උදිත මධුෂාන් 39/1යි)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee