ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග වටය සුදුසුකම් ලබා ‘ඒ‘ කාණ්ඩඩයන් කුරුනෑගල සහ නාරම්මල ක්‍රීඩා සමාජත්, ‘බී‘ කාණ්ඩයෙන් අඹේපුස්ස සිංහ සහ අම්බලන්ගොඩ සිංහ යන ක්‍රීඩා සමාජත් සමත්ව සිටිති.
මූලික වටය යටතේ තමන් සහභාගි වූ තරග 7 න් 4 ක් ජය ගනිමින් කුරුණෑගලද තරග 7 න් 3 ක් ජයග්‍රහණය කරමින් නාරම්මල ක්‍රීඩා සමාජද අවසන් පූර්ව තරගය වටයට සුදුසුකම් ලබා සිටිති.
‘බී‘ කාණ්ඩය යටතේ තරග 7 කට සහබාගිවුණු අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 4 ක්ද අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 3 ක් ද වාර්තා කරමින් අවසන් කණ්ඩායමට 4 අතර තරග වටයට තේරී පත්ව සිටිති.
එම අර්ධ අවසන් තරග අතරින් ජුනි 22 වැනිදා කුරුණෑගල ක්‍රීඩා සමාජය සහ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත්, අඹේපුස්ස සිංහ සහ නාරම්මල ක්‍රීඩා සමාජය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත් එකිනෙකා මුණ ගැසෙති.
මෙම තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 24 වැනිදා සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුණු අතර එම ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩය යටතේ කලුතර නාගරික ක්‍රීඩා සමාජ සහ අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජ පිළිවෙළින් 7 වැනි සහ 8 වැනි ස්ථාන වලත් ‘බී‘ කාණ්ඩය යටතේ කඳුකර සහ දිගාමඩුල්ල ක්‍රීඩා සමාජ පිළිවෙළින් 7 වැනි සහ 8 වැනි ස්ථානවල රැඳී සිටිති.