slc
logo
Home   |    News
ජූනි 11, 2024
කාන්තා ක්‍රිකට් පිලට ඔනර් – සන්ක්වික් සහ නිපෝන් පේන්ට් සවිය දෙති

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්‘, සන්ක්වික් සහ නිපෝන් පේන්ට් යන සන්නාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සහයෝගීතාවයකට ඉදිරිපත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පෙර ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව සිටීම විශේෂත්වයක් ලෙසින් සැලකිය හැක.

සිංගර් ශ්‍රී ලංකා සමාගම යටතේ පවතින ‘ඔනර්‘ ජංගම දුරකතන සන්නාම, කාන්තා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙසින් කටයුතු කරන අතර ඔවුන් ක්‍රීඩිකාවන්ගේ ටීෂර්ටයේ කමීසියේ ඉදිරිපස අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරනු ඇත. සන්ක්වික් ආයතනය ටීෂර්ටයේ පිටුපස තෝරාගෙන ඇති අතර නිපෝන් පේන්ට් ආයතනය ටීෂර්ටයේ ඉදිරිපස බාහුව තෝරා ගෙන සිටිති.

එංගලන්තයේත් බංග්ලාදේශයේත් වෙනත් රටකට ගියත් මේ සන්කුවික් කියන පානය තියෙනවා .ජාතික විතරක් නොවෙයි මේකෙන් ලැබෙන ප්‍රතිලාබය අපිට එනවා. ඒ නිසා අපි ලංකාවේ කාන්තා ක්‍රිකට් වලට මූලික අරමුණ කරගෙන උදව් කරද්දී අපිට ජාත්‍යන්තර වශයෙන් යම්කිසි ආකාරයකට අපේ සන්නාමයට ප්‍රතිචාරයක් ලැබෙනවා. ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඔය අරමුණු දෙකම ඔලුවේ තියාගෙන තමයි අපි මේ සහයෝගීතාවයට පැමිණියේ“ යැයි අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳව සන්ක්වික් ලංකා සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා සඳහන් කර සිටියේය.

“අපි ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය සමඟ එක්වීමට කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියේ. ඒක පොඩි කාලයකට නොවෙයි දීර්ඝ කාලයකට. අපි අපිට හිතුණා හොඳම වෙලාව තමයි මේ වෙලාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග සහයෝගීතාවයට එන්න හොඳම කාලයක කියලා. ඒකට  හේතුව තමයි ජාතියක් විදියට අපි කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවට සහයෝගය ලබා දිය යුතුයි කියන තැන ඉඳලා. ක්‍රිකට් විතරක් නොවෙයි සෑම කාන්තා ක්‍රීඩිකාවකටම. ඒ වගේම අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ මිට කළිනුුත් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරලා තියෙනවා“ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනි මහතා සඳහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහසතාද සහසභාගිවී සිටියහ.

 

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee