slc
logo
Home   |    News
ජූනි 5, 2024
‘දඹුල්ල සික්සර්ස්‘ නමින් නව හිමිකරුවෙක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතනය වේ.

ඒ අනුව මහෙි සියලු කාර්යයන් මේ වෙනුවෙන් විශේෂයෙන්ම පිහිටුවා ඇති ද සිල්වා හෝල්ඩිංග්ස් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

Sequoia Consultants හි බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ Sequoia Consultants, Inc හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා වන වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන ප්‍රියංග ද සිල්වා මහතාටය.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ද සිල්වා 1983 වසරේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර දැනට එක්සත් ජනපද මාස්ටර් අවුරුදු 60 ට වැඩි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

ඔහු දක්ෂිණ කැලිෆෝනියා යොවුන් ක්‍රිකට් සංගමයේ ස්වෙච්ඡා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතරම ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකාරීත්වය දරනු ලබයි.

“විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට මට ඇති ආශාව නිසාම මම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මිලදී ගැනීමට මා පෙළැඹුණා“ යැයි ද සිල්වා මහතා පවසයි. “පසුගිය වසර හතර තුළ LPL තරගාවලිය ලීගයක් ලෙස වර්ධනය වන බව මම දුටුවා. එය අප වැනි කුඩා රටකට ප්‍රශංසනීයයි. මෙම වර්ධනයේ කොටස්කරුවෙකු වී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට දායක වීමට හැකිවීම ගැන මම සතුටට පත්වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම නව ගැණුම්කරුවා සමඟම දඹුල්ල කණ්ඩායම මින් ඉදිරියට දඹුල්ල සික්සර්ස් නමින් හඳුන්වනු ඇත.

“Sequoia Consultants’ වැනි සමාගමක් කණ්ඩායමේ හිමිකරුවෙකු ලෙස සිටීම ගැන අපි අතිශයින් සතුටු වන අතර, එය තරඟාවලියට සහ එහි අනාගතයට සුබදායක වනු ඇතැයි මට විශ්වාසයි,” LPL හි තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

IPG Sports හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා පැවසුවේ “නව හිමිකරු දඹුල්ල සික්සර්ස් සඳහා අවශ්‍ය ස්ථාවරත්වය ගෙන එන අතර නව හිමිකරුගේ පැමිණීම බලයට විශාල වෙනසක් සිදු කරනු ඇතැයි මට විශ්වාසයි.

පස්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය මහනුවර, දඹුල්ල සහ කොළඹ යන නගර තුනකදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee