slc
logo
Home   |    News
ජූනි 19, 2024
යශෝධ ලංකාගේ ශතකයෙන් කෝල්ට්ස් පිලට ලකුණු 72ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේදී කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ යශෝධ ලංකා ලබාගත් ශතකය හේතුවෙන් කෝල්ට්ස් පිලට ලකුණු 72ක ජයක් හිමි විය.

ආරම්භක පිතිකරු යශෝධ ලංකා පන්දු 80කදී හයේ පහර 9ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 138ක් ලබා කෝල්ට්ස් ඉනිම ශක්තිමත් කළේය. අනෙක් ආරම්භක පිතිකරු ශිරාන් ෆොන්සේකා සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 129ක සබඳතාවක් ගොඩනැගීමට යශෝධ ලංකා සමත් විය.

අද නිමාවූ තරගවලදී අර්ධ ශතක 2ක් වාර්තා වූ අතර, පානදුර ක්‍රීඩා සමාජය කාංචන ද ලිවේරා ලකුණු 59ක් හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ අෂාන් රන්දික ලකුණු 62ක් වාර්තා කළහ.

කොල්ට්ස් – කැන්ඩි කස්ටම්ස් තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති අතර, වර්ෂාව හේතුවෙන් ඉනිමක් ඕවර් 30කට සීමා විය. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් කොල්ට්ස් පිල කඩුලු 6ක් දැවී ලකුණු 236ක් ලබාගත් අතර, කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 176කට සීමා විය.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 236 (ඕවර් 30)
යශෝධ ලංකා 138, ෂෙරාන් ෆොන්සේකා 46, මුදිත ලක්ෂාන් නොදැවි 21, අතිරේක 11 (උමේෂ් ඉෂාක් 54/2, කෞමාල් නානායක්කාර 37/2 )

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 176 (ඕවර් 30)
තෙවිඳු දික්වැල්ල 25, සසිත් මනුරංග 46, සහන් කෝසල 39, සලිඳු පතිරණ නොදැවී 49, අතිරේක 10 (සනෝජ් දර්ශික 25/2)

රාගමට කඩුලු 3ක ජයක්

පානදුර ක්‍රීඩා සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ රාගම පිලට කඩුලු 3ක ජයක් අත්විය. රාගමට ජයග්‍රහණය පිණීස ඕවර් 25කදි ලකුණු 121ක ඉලක්කයක් එල්ල වූවේය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 182 (ඕවර් 43)
කාංචන ද ලිවේරා 59, ඔෂධ ප්‍රනාන්දු 21, රමේෂ් නිමන්ත නොදවී 46, විශ්ව ළහිරු නොදැවී 18, අතිරේක 22 (රවිෂ්ක විජේසිරි 38/3)

රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 123 (ඕවර් 24.3)
රන්මිත් ජයසේන 19, සන්තුෂ් ගුණතිලක 39, රවිඳු සෙම්බුකුට්ටි 28, අතිරේක 13 (විශ්ව ළහිරු 13/2, නිමේෂ් විමුක්ති 20/3)

ඒස් කැපිටල් පිලට කඩුලු 7ක ජයක්

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේ පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් ජය ගැනීමට ඒස් කැපිටල් පිල සමත් විය. ඒස් කැපිටල් පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඕවර් 29කදී ලකුණු 135ක ඉලක්කයක් එල්ල වූවේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 186 (ඕවර් 44.3 )
අෂාන් රන්දික 62, ඔදිල් පෙරේරා 13, චතුමල් නිමේෂ් 20, අතිරේක 28 ( සිතුම් දිසානායක 45/3, වනුජ සහන් 31/4)

ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය කඩුලු 3කට ලකුණු 137 (ඕවර් 27.5)
තනුක දාබරේ 36, පවන්ත වීරසිංහ 18, සකුන ලියනගේ නොදැවී 44, ෂම්මු අශාන් නොදැවී 31 (චමෝද් සඳරු 32/2)

බ්ලුම්ෆීල්ඩ් පිලට කඩුලු 5ක ජයක්

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් පිලට කඩුලු 5ක ජයක් අත්විය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර් 20කට සීමා විය.

මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 55 (ඕවර් 13.4)
ඩිල්ෂාන් මුණවීර 18 (ළහිරු මධුසංඛ 5/2, සහන් නානායක්කාර 16/2, ජෙෆ්රි වැන්ඩර්සේ 11/2, ට්‍රෙවීන් මැතිව්ස් 7/2)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 5කට ලකුණු59 (ඕවර් 11.5)
රවිඳු ප්‍රනාන්දු 16 (නිශාන් පීරිස් 17/2, වරුණ ඉමේෂාන් 15/2)

බඳුරලිය පිල හා සීසීසී විසඳුමක් නෑ

බඳුරලිය පිල හා සීසීසී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගඕවර් 42කට සීමාකොට පැවැත්වීමට කටයුතු කළද විසදුමකින් තොරව නිමාවට පත් විය.

බඳුරලිය පිල සියලු දෙනා දැවී ලකුණු 96 (ඕවර් 36.3)
දුනිත් ජයතුංග 16, අතිරේක 16 (ඉසුරු උදාන 16/2, ඉනුක කරන්නාගොඩ 5/2, සොනාල් දිනූෂ 23/3)

සීසීසී පිල කඩුලු 3කට ලකුණු 41 (ඕවර් 8)
පවන් පතිරාජ 14, පවන් රත්නායක නොදැවී 9 (රුචිර කෝසිත 14/2)

ටැමිල් යූනියන් – එස්එස්සී වැස්සට සේදෙයි

කොළඹ පී. සමරා ඕවල් පිටියේ පැවැත්වීමට නියමිත වු ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය හා එස්එස්සී අතර තරගය සම්පූර්ණයෙන්ම වැස්සට සේදී ගියේය. මේ හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

USD United States (US) dollar