slc
logo
Home   |    News
ජූනි 24, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමු විස්සයි-20 තරගයෙන්ම ජය

sinhala editor

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තා පිලට හැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ දක්ෂ පන්දු යැවීමත්, විශ්මි ගුණරත්න සහ හර්සිතා සමරවික්‍රම එල්ල කළ ප්‍රහාරයත් හේතුවෙන් ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල කොදෙව් කාන්තා පිලට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 134ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 18.4කදී කඩුලු 6ක් බිද වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

කොදෙව් පිල අසරණ කළ නායිකා චමරි අතපත්තු පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ අතර, ඕවර 4දී ලකුණු 29කට කඩුලු 4ක් දවාලීමට සමත් වූවාය. ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තාය.ආරම්භක පිතිකාරණී විශ්මි ගුණරත්න සමඟ එක් වූ හර්සිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩ නැඟීමට සමත්වූ අතර දෙදෙනාම ලකුණු 35 බැගින් රැස් කළහ. විශ්මි ගුණරත්න පන්දු 25කදී හතරේ පහර 6ක් එල්ල කළ අතර, හර්සිතා සමරවික්‍රම පන්දු 34කදී හතරේ පහර 3ක් එල්ල කළාය. හසිනි පෙරේරා ලකුණු 20ක්, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 17ක් ලබා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

කොදෙව් නායිකා හේලි මැතිව්ස් පන්දු 30කදී හතරේ 5ක් සමඟ ලකුණු 30ක් රැස් කළ අතර, ආලියා ඇලේන් පන්දු 22කදී හතරේ 3ක් සමඟ ලකුණු 26ක් ලැබුවාය. මීට අමතරව කියානා ජෝසෆ් ලකුණු 20ක් රැස් කළාය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය ලබන 26 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල කඩුලු 8කට ලකුණු 134 (ඕවර 20)
හේලි මැතිව්ස් 30, ආලියා ඇලේන් 26, කියානා ජෝසෆ් 20 ( චමරි අතපත්තු 29/4, ඉනෝෂි ප්‍රනාන්දු 28/3)

ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 6කට ලකුණු 137 (ඕවර 18.4)
විශ්මි ගුණරත්න 35, හර්සිතා සමරවික්‍රම 35, හසිනි පෙරේරා 20, නිලක්ෂිකා සිල්වා නොදැවී 17, අතිරේක 13 ( ඇෆී ෆ්ලෙචර් 29/2)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee