slc
logo
Home   |    News
ජූනි 5, 2024
මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරා ඉන්දියාවට

sinhala editor

ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන නිමාලි පෙරේරා කටයුතු කිරීමට නියමිතය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවර්ධන විනිසුරුවරැන්ගේ කමිටුව නියෝජනය කරනු ලබන නිමාලි පෙරේරා, ශ්‍රී ලංකා ‘ඒ‘ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. නිමාලි මීට පෙර 2023 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන්ම 2022 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිසුරුවරියක ලෙසින්ද කටයුතු කළාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee