slc
logo
Home   |    News
ජූනි 28, 2024
විස්සයි-20 තරගාවලියේ ජය කොදෙව් කාන්තාවන්ට

sinhala editor

කණ්ඩායමේ නායිකාව ඇතුළු ඉදිරි පෙළ පිතිකාරිණියන් තිදෙනා ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (28 දා) හම්බන්තොටා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබිණ. තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ජය ගත්තද දෙවැනි සහ තෙවැනි තරග ජය ගනිමින් තරගාවලියේ ජය 2-1ක් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ජය වාර්තා කළහ. මෙම තරගාවලියට පෙර පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් යළිත් වතාවත් ලකුණු අතර පිවිසි ෂමයින් කැම්බෙල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 30 කදී ලකුණු 41 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කරන තෙක් කඩුල්ලේ රැඳී සිටියාය. ඊට පෙර කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් එක් කිරීමට හෙලී මැතිව්ස් සමත්වූයේ පන්දු 40 කදී ලකුණු 49 ක් වාර්තා කර ගනිමිනි. ස්ටැෆනි ටේලර් සමග ඉනිම ආරම්භ කළ මැතිව්ස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී වේගවත් ලකුණු 60 ක් රැස් කළහ.

නවක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වූ නමුත් ප්‍රබල ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය ලකුණු 142 ක ඉලක්කය ලබා ගැනීම සඳහා අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුව දක්වා සටන් වැදීමට සිදුවිය. අවසන් පන්දුවාරයේදී කොදෙව් ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක් අවශ්‍ය පැවැති අතර කාව්‍යා කාවින්දි යවන ලද එම පන්දුවාරයේදී පළමු පන්දු 5 ට අවශ්‍ය ලකුණු රැස් කරමින් කොදෙව් ක්‍රීඩිකාවෝ තරගයේ ජය වාර්තා කළහ. නායිකා චමරි අතපත්තුට තවත් පන්දුවාරයක් යැවීමට අවස්ථාව තිබූ නමුත්, එය එම අවස්ථාවට කාව්‍යා කාවින්දිට ලබා දුන්නේ ඊට පෙර යවන ලද පන්දුවාරයේදී ලකුණු 10 ක් රැස් කිරීමට කොදෙව් පිතිකාරිණියන් සමත්වීම නිිසාය. කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු කාව්‍යා කාවින්දි ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

පන්දුවට පහර දීමේදී විශ්මි ගුණරත්න පළමු පන්දුවාරයේදීම දැවී ගියද චමරිට එකතු වුනු හර්ෂිතා සමරවික්‍රම ඇෆී ෆ්ලෙචර්ගේ පන්දුවකට හර්ෂිතා දැවී යෑමට මත්තෙන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 55 ක් රැස් කිරීමට දායකත්වයක් දැක්වූවාය.

හර්ෂිතාගේ නික්ම යෑමෙන් පසු නායිකාවට එක්වුණු කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට පන්දු 25 කදී ලකුණු 34 ක් එක් කළාය. මොවුන් දෙදෙනාම 14 වැනි සහ 16 වැනි පන්දුවාර වලදී දැවී ගියේ ශිනෙලි හෙන්රිගේ දක්ෂ උඩ පන්දු රැකීම් හමුවේය. චමරි සහ කවීෂා පිටියෙන් ඉවත් වන විට පිළිවෙළින් ලකුණු 38 ක් සහ 26 ක් රැස් කරගෙන සිටියහ.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් කොදෙව් නායිකා හෙලී මැතිව්ස් සම්මාන දිනා ගනිද්දී තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය ශෙමයින් කැම්බෙල් විසින් දිනාගත්තාය. මේ අතර පළමු සහ දෙවැනි තරග වල තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානද අද දිනයේදී ලබා දුන් අතර එහිදී පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස් කරගත් චමරි අතපත්තු සහ දෙවැනි තරගයේදී ඇෆී ෆ්ලෙචර් සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 141 යිි – චමරි අතපත්තු 38, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 26, අමා කාංචනා 18*, නිලක්ෂි සිල්වා 12, ඇෆී ෆ්ලෙචර් 25/2, ආලියා ඇලයින් 25/2, ෂිනෙල් හෙන්රි 16/1, ක්‍රිෂ්මා රමාරැක් 20/1)

බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 19.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 142 යි – (ස්ටැෆනි ටෙල්ර් 33, හේලි මැතිව්ස් 49, ෂෙමයින් කැම්බෙල් 41, කාව්‍යා කාවින්දි 27/2, සුගන්දිකා කුමාරි 24/1, කවීෂා දිල්හාරි 11/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee