slc
logo
Home   |    News
ජූනි 6, 2024
ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව පළමු එක්දින තරග 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ පිළිසකර කිරීම එම කාර්යය මණ්ඩලයට අසීරු කරුණක් වී ඇති බැවින් එම තරග 3 ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දෙරටේ කලමනාකාරීත්වය එකඟතාවයකට පැමිණ තිබේ.

ජුනි මස 15 වැනිදා, 18 සහ 21 යන තෙදින එක්දින තරග 3 පැවැත්වෙද්දී ජුනි 24, 26 සහ 28 යන දිනවල පන්දුවාර විස්සයි-20 තරග පැවැත්වෙන අතර සියලුම තරග පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත.

දිනය තරගය ක්‍රීඩාංගණය
ජුනි 15 පළමු එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 18 දෙවැනි එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 21 තෙවැනි එක්දින තරගය හම්බන්තොටා මහින්ද රාජපක්ෂ
ජුනි 24 පළමු විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 26 දෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ
ජුනි 28 තෙවැනි විස්සයි-20 තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ

 

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee