slc
logo
Home   |    News
ජූනි 28, 2024
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

sinhala editor

පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත.

මඩුගල්ලේ මහතාට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහතාද තරග විනිසුරුවරයෙක් ලෙස මෙම තරගාවලියේදී කටයුතු කරනු ඇත. මඩුගල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නිලධාරී මඩුල්ලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේම තරග තීරකවරුන් දෙපළක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්‍රෝයි සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි යන මහත්වරුද එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. එම තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වල තීරකවරයෙකු ලෙසින් කටයුතු කරනු ලබන මනෝජ් මෙන්ඩිස් සහ ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් යන මහත්වරුද ඇතුළත්ව සිටියි.

ඒ හැරුණු කොට විනිසුරුවන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන්ද ඇතුළත් එම කමිටුවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරමින් අයර්ලන්ත ජාතික රොනල්ඩ් බ්ලැක් සහ පාකිස්තානු ජාතික ෆයිසාල් ඛාන් යන විනිසුරුවරුන්ද එකතුව සිටිති. ඒ හැරුණු කොට පළමු පෙළ තරග විනිශ්චයේ නියැළෙන විනිසුරුවන් කීප දෙනෙකුටද අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. චාමිර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවීන්ද්‍ර විමලසිරි, අසංක නානායක්කාර, ආර්. එල්. දුල්සිරි එල්.පී.එල්. තරගාවලියේ කටයුතු කරනු ලබන දේශීය විනිසුරුවෝ වෙති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පල්ලේකැලේ, දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]
  • නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව […]
  • ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර […]
  • වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
    වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය […]
  • ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් වටයට
    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව හෙට දෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee