slc
logo
Home   |    News
ජූනි 29, 2024
LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකි බව තරග සංවිධායකයෝ දැනුම් දෙති.

2024 ලංකා ප්‍රීමීයර් ලීග් තරගාවලිය තවත් දිනකින්, එනම් එළැඹෙන ජූලි මස 1දා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර, පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග නොපැවැත්වෙන දිනවලදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථාන ගේට්ටු අංක 5 කවුන්ටරයෙන් ප්‍රවේශ පත්‍ර මිළදී ලබා ගැනීමේ පහසුකම් සලසා තිබේ. තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේ පිහිටුවා තිබෙන විශේෂ ප්‍රවේෂපත්‍ර කවුලුවෙන් මිලදීගත හැක.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට රු. 3000 දක්වා කාණ්ඩ දහයක් යටතේ ලබා ගැනිමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට ලබාදී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee