slc
logo
Home   |    News
ජූනි 18, 2024
ශ්‍රී ලංකා කාන්තාවෝ කල් ඇතිවම තරගාවලි ජය ලබති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස තරගාවලි ජය වාර්තා කිරීමට සමත් වූවේය.

හම්බන්තොටදී අද (18) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 6ක ජයක් අත්කර ගත් අතර, මෙයට දින තුනකට පෙර පැවැති පළමු තරගයෙන් චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා බළ ඇණිය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් වන මෙයින් ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට සියලු දෙනා දැවී ලකුණු 92ක් ලබාගත් අතර ලකුණු 93ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වූ ලකුණත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය සටහන් විය. ඒ වෙද්දී ලකුණු පුවරුවේ තවත් ඕවර් 29ක් හා පන්දු 3ක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබිණි. පිතිකාරිණියන් 5ක් පමණක් දැවී ගොස් ලබාගත් මෙම ජයග්‍රහණයේ නියමුවරිය බවට විශ්මි ගුණරත්න පත්වෙමින් පන්දු 50කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූවාය.

අංක 4 පිතිකාරිණිය ලෙස පැමිණි කවීෂා දිල්හාරි පන්දු 38කදී හතරේ 4ක් සමඟ ලකුණු 28ක් ලබාගත් අතර, ඇයගේ දඟ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකාරිණියන්ට හිස පහත් කරමින් පන්දුවට පහරදීමට විය. කවීෂා මෙම දෙවැනි එක්දින තරගයේදී ඕවර් 6ක් යවා ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර, පළමු තරගයේදී ලකුණු 41කට කඩුලු 3ක් බිඳහෙලා දස්කම් දැක්වූවාය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයේදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හේලි මැතිව්ස් අද තරගයට ක්‍රීඩා කළේ නැත. ඒ වෙනුවට ෂිමයිනී කැම්බෙල් ක්‍රීඩා කළද ඇයට ලබාගත හැකිවූයේ ලකුණු 9ක් පමණි. කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකාරිණිය වූ රෂාඩා විලියම්ස් ලකුණු 24ක් ලබාගත් අතර, අවසන් පෙළ ක්‍රීඩා කළ ආලියා අලිනී හා අෆි ෆ්ලෙචර් ලකුණු 16 බැගින් එක් කළහ.

දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය මේ 21 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 92 (ඕවර් 31)
රෂාඩා විලියම්ස් 24, ආලියා අලිනී 16, අෆි ෆ්ලෙචර් 16 ( අචිනි කුලසූරිය 16/2,සුගන්ධිකා කුමාරි 16/1, කවීෂා දිල්හාරි 20/4, චමරි අතපත්තු 8/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 93 (ඕවර් 21.2)
විශ්මි ගුණරත්න 50, කවීෂා දිල්හාරි 28, නිලක්ෂිකා සිල්වා නොදැවී 6, අනුෂ්කා සංජීවනී නොදැවී 2 ( ෂාමිලා කෝනෙල් 13/1, ආලියා අලිනී 15/1, ක්‍රිෂ්මා රාම්හරක් 29/2, සෙයිඩා ජේම්ස් 12/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee