slc
logo
Home   |    News
ජූලි 9, 2024
අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාට අන්තර්වාර පත්වීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉවත්වී ගිය හෙයින්, සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගාවලියේදී සහ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජයසූරිය මහතා ‘ක්‍රිකට් උපදේශක‘ ලෙස පූර්ණකාලීනව කටයුතු කරමින් සිටින අතර, නව තනතුර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාත්මක වේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අඛණ්ඩව පූර්ණකාලීන පුහුණුකරුවකු සොයා ගැනීම උදෙසා දිගටම කටයුතු කරමින් සිටින බවත්, ජයසූරිය මහතා සතු ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් සම්භාරය සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හොද ගමන් මාර්ගයක් සකසනු ඇති බවත් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් තරග හයකින් සමන්විත තරගාවලිය මේ 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර,  තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ආරම්භ වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee