slc
logo
Home   |    News
ජූලි 18, 2024
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

sinhala editor

දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු කොට ගෙන බංග්ලාදේශය, මලයාසියාව, තායිලන්තය ‘බී‘ කාණ්ඩය යටතේත් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ නේපාලය ‘ඒ‘ කාණ්ඩය යටතේත් තරග වදිති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍ර බෝධනී, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, හෂිනි ගිම්හානි, අමා කාංචනා.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee