slc
logo
Home   |    News
ජූලි 12, 2024
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට

sinhala editor

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව සහ ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය එක්ව තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස වික්‍රමරත්න මහතාව පත් කිරීමට පියවර ගෙන තිබේ.

සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු කොට, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල් මෙම තරගාවලියේදී ශූරතා කුසලාන වෙනුවෙන් තරග වදිනු ලබන රටවල් වෙති. මෙහිදී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් සහ නේපාලය ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්ත ‘බී‘ කාණ්ඩය යටතේ තරග වදිති.

ජූලි මස 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයද ඇතුළුව තරගාවලිය සමස්ථ තරග 15 කින් යුක්ත වෙයි. සමාරම්භ දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය ප.ව. 2.00 ට තර වදිනු ලබන අතර ඉන්දියාව සහ ඔවුන්ගේ ප්‍රබලතම එදිරිවාදීන් වන පාකිස්තානය ප.ව. 7.00ට තරග වදිනු ලබයි. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු සටන ලබන 20 වැනිදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ප.ව. 7.00 ට ආරම්භ කරනු ඇත.

“ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතා සාර්ථක තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය සාර්ථකව පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලෝක තලයට ගෙන යෑමට ඉවහල් වනු ඇත“ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් තරගාවලි අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියි.

තරගාවලියේ සියලුම තරග ජාත්‍යන්තර රූපවාහිනී විකාශන වේදිකා හරහා සජීවීව විකාශය කෙරෙන අතරම තරගාවලිය නැරඹීම සඳහා මහජනතාවට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමටද ක්‍රීඩාංගණ විවෘතව තැබීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee