නායක දිනුර කළුපහන වාර්තා කළ සටන්කාමී ශතකයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ස්ථාවරත්වයට පත්වී එංගලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා යෞවනයෝ ප්‍රබල අභියෝගයක් එල්ල කළහ.
තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එංගලන්තයේ වෝර්ල්ම්ස්ලිහිදී පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා යොවුන් පිල ලබාගත් ලකුණු 324ට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් පිල පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා සිටියේය.
නායක දිනුර කළුපහන පන්දු 144කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමඟ ලකුණු 104ක් ලබාගත් අතර, නේතන් කල්දේරා පන්දු 114කදී හතරේ පහර 5ක් සමඟ ඉතා ඉවසිලිවන්ත ලෙස ලකුණු 55ක් එක් කළේය.
එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ෆ්‍රෙඩී මැක්කාන් පන්දු 114කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 92ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා සම්බවයක් ඇති කේෂණ ෆොන්සේකා නොදැවී ලකුණු 72ක් ලබා කඩුල්ලේ රැදී සිටී. අද (11)තරගයේ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා යොවුන් පිල ඵළමු ඉනිමට ලකුණු 324 (ඕවර් 85.4)
මලිත් පෙරේරා 22, දිනුර කළුපහන 104, දිනුර අබේවික්‍රමසිංහ 43, නේතන් කල්දේරා 55, විහස් තෙව්මික 19, අතිරේක 41 ( එන්. ෂර්මා 59/2, ඒම් ෆ්‍රෙන්ච් 81/2, ඇලේක්ස් ග්‍රීන් 36/2)
ෆ්‍රෙඩී මැක්කාන් 92, කේෂණ ෆොන්සේකා නොදැවී 72 ( නේතන් කල්දේරා 38/1, විහස් තෙව්මික 37/2, ප්‍රවීන් මනීෂ 37/1)