slc
logo
Home   |    News
ජූලි 13, 2024
කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ

sinhala editor

කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට හැකි වුයේ කණ්ඩායම් හැඟීමෙන් එකමුතුව ක්‍රීඩා කිරීමෙන් යැයි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේගපන්දු යවන මතීෂ පතිරණ පවසයි.

මතීෂ පතිරණ මේ තරගයේදී ලකුණු 26කට කඩුලු හතරක් දවාලීමට සමත් විය.

“මා යැවු ඕවර හතරෙන් කඩුලු හතරක් ලැබුණත් එම පන්දු යැවීමෙන් (එම ඕවර හතරෙන්) පමණක් තරගය ජයගත හැකි නොවෙයි. මෙය සියලු ක්‍රීඩකයන්ගේ දැඩි උනන්දුව මත අප ලබාගත් ජයග්‍රහණයක්.“

අපගේ ප්‍රථම තරගයේදී කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා රැසක්ම තිබුණත් මේ වන විට අපට ඒවා සකස් කර ගැනීමට අවස්ථාව සැළසී තිබෙනවා. මේ තරගයේදී අප කොතරම් හොඳින් ක්‍රීඩා කළත් අපට විශාල පීඩනයකට මුහුණ දීමට සිදු වුවා. එය අභිබවා ජය ගැනීම අපගේ සාර්ථකත්වයට හේතු වුවා.

තරගයට පෙර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියා මේ තණතිල්ලේ කණ්ඩායමකට ලකුණු 200 – 210ක් රැස් කරන්න පුළුවන් ඒත් තරගය අපට ජයගත හැකි බව අප දැන සිටියා. එය එසේම සිදු වුයේ කණ්ඩායම් හැඟීම හොඳින් බලපෑම මත යැයි ද මතීෂ පතිරණ කීවේය.

අපගේ ප්‍රතිවාදීන් වූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතාමත් පළපුරුදු ක්‍රිකට් තරග රාශියකට සහභාගි වූ දක්ෂ පිරිසක් ලෙස නම් කළ හැකි බව කී මතීෂ පතිරණ තමා පන්දු යවන විට ලකුණු නොදී පන්දුව නියමිත ස්ථානයන්ට පතිත කිරීමෙන් කඩුලු දවා ගැනීමට අවස්ථාව උදා වූ බව ද කීවේය.

තරගය පවතින විට තම කණ්ඩායම බලාපොරොත්තු වුවාට වඩා පීඩනයකට පත් වූ බව අප විසින්ම පිළිගත යුතුව ඇතැයි කී මතීෂ පතිරණ ප්‍රතිවාදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් රැසක්ම සිටියදී එම පීඩනය ජය ගැනීම අප ලත් විශාල ජයග්‍රහණයක් යැයි ද පැවසීය.

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee