slc
logo
Home   |    News
ජූලි 9, 2024
චන්දිමාල් – කමිඳු කැන්ඩි දිනවති

sinhala editor

Chamila Karawita reporting from Dambulla

දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස්ගේ වේගවත් අර්ධ ශතක හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය. ලකුණු 225 ක ඉලක්කය 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී කඩුලු 3 ක් පමණක් දැවී රැස් කර ගන්නා විට එම ජයග්‍රහණය ලියැවුණේ එදා මෙදාතුර එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඉහළම හඹා යෑම ලෙසිනි.

පිටියට පිවිසි අවස්ථාවේ සිටම ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වුණු දිනේිෂ් චන්දිමාල් හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 89 ක් රැස් කරමින් කැන්ඩි ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූවේය. එම ඉනිම වටා එතෙමින් පන්දුවට පහර දුන් කමිඳු මෙන්ඩිස් හයේ පහර 4 කුත් හතරේ පහර 4 කුත් සමගින් පන්දු 36 කදී ලකුණු 65 ක් ලබා සිටියේ තරගය නිමා වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. කමිඳු සහ චන්දිමාල් අතර තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 37 කදී ලකුණු 72 ක් විය.

ශතකය පෙනි පෙනී චන්දිමාල් පිටියෙන් එළියට යන විට පිටියට පැමිණි ඇ්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ තවත් කොටස්කරුවකු බවට පත්වූවේය. කමිදුට එක්වුණු මැත්ව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 66 කි.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 59 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 16 ක් සමඟින් ලකුණ 119 ක් ලබා ගත්තේය. පැතුම් රැස් කරන ලද එම ලකුණු සංඛ්‍යාව එල්.පී.එල්. තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ මංගල එල්.පී.එල්. තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ලද ලොරී එවන්ස් නොදැවී රැස් කරන ලද ලකුණු 108 විය. මෙය පැතුම්ගේ විස්සයි-20 තරග දිවියේ පළමු ශතකය ලෙසින්ද සටහන් වූවේය. එමෙන්ම අද දිනයේදී පැතුම් එල්ල කරන ලද හයේ සහ හතරේ පහර සංඛ්‍යාව (88) තරගයකදී පිතිකරුවකු හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ මීට දින කීපයකට පෙර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා විසින් රැස් කරන ලද ලකුණු 84 විය.

පළමු කඩුල්ල වෙනුවෙන කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ පැතුම් පන්දු 63 කදී වේගවත් ලකුණු 112 ක් එක් කළේ ජැෆ්නා කණ්ඩායමට සාර්ථක ලකුණු සංඛ්‍යාවකට මං පෙත් විවර කරමිනි. එම සාර්ථක ආරම්භයත් සමග පන්දුවට පහර දුන් ජැෆ්නා පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 224 ක් ලබා ප්‍රතිවාදීන්ට අභියෝග කළහ. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද දෙවැනි විශාලතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විිය. මෙහි ඉහළම ලකුණු සංඛ්‍යා වන්නේ ජැෆ්නා කිංග්ස් පිල විසින් කඩුලු 4 ක් දැවී රැස් කරන ලද ලකුණු 240 විය.

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 224 යි –

පැතුම් නිස්සංක 119, කුසල් මෙන්ඩිස් 26, රිලී රුසොව් 41, අවිෂ්ක ප්‍රනාන්දු 16, දසුන් ශානක 40/3, රමේෂ් මෙන්ඩිස් 28/2, දුෂ්මන්ත චමීර 44/2

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 230 යි –

දිනේෂ් චන්දිමාල් 89, මොහොමඩ් හැරිස් 25, කමිඳු මෙන්ඩිස් 65*, ඇන්ජලෝ මැතිව්ස් 29*, ටබ්‍රේස් ශම්සි 46/2

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee