slc
logo
Home   |    News
ජූලි 10, 2024
චමිඳුගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ල බලාපොරොත්තු ඉහළ නංවයි

sinhala editor

Chamila Karawita reporting from Dambulla

චමිඳු වික්‍රමසිංහ දැක්වූ තුන් ඉරියව් දක්ෂතාවත් දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍ෙයේ 12 වැනි තරගය ලෙසින් අද (09 දා) පැවැති තරගයෙන් ගෝල් මාවල්ස් පිලට එරෙහිව ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය තවදුරටත් කණ්ඩායම් 5 ටම විවෘත වී තිබේ.

ලකුණු 21 ක් ඇතුළත කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චමිඳු පිත්තෙන් පන්දු 34 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 56 හේතුවෙන් නියමිත පන්දුවාර 20 ඇතුළත ලකුණු 160 ක් රැස් කර ගැනීමට දඹුල්ල කණ්ඩායමට හැකියාව ලැබිණ.

ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත ගෝල් කණ්ඩායම එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි අවස්ථාවේදී පළමු කඩුලු 4 ම ලකුණු 27 ක් ඇතුළත බිඳ දැමීමට නුවන් තුෂාර සහ ඩිල්ෂාන් මදුහංක දෙදෙනා සමත්වූහ. මෙහිදී නිරෝෂන් දික්වැල්ල (07), ටිම් සීෆර්ට් (00) සහ භානුක රාජපක්ෂ (07) නුවන් තුෂාරගේ පන්දු හමුවේ දැවී යද්දී ඩිල්ෂාන් මදුහංක විසින් ජනිත් ලියනගේගේ කඩුල්ල දවා ගැනීමට සමත්වූවේය.

එතැන් පටන් ග්‍රහණය තද කළ දඹුලු පන්දු යවන්නෝ ගෝල් කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 62 ක් ඇතුළත බිඳ දමමින් තරගයට සාර්ථක ප්‍ර වේෂයක් ලබා ගත්හ. එසේ දැවී ගිය කඩුලු 4 න් කඩුලු 3 ක් පිට දඟ පන්දු යවන දුෂාන් හේමන්තගේ නම ඉදිරියෙන් ලියැවිණ. කෙසේ වෙතත් ඉදිරි පෙළ බිඳ වැටුණු ඉනිමට ඉසුරු උදාන පන්දු 38 කදී රැස් කළ ලකුණු 72 යම් කිසි සහනයක් ගෙන ආවද එය තරග ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණ. උදානගේ ඉනිම හේතුවෙන් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 27 ක් ලබා ගත යුතු වුවත් පන්දුව අතට ගත් නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ පන්දු 4 කදී ඉතිරි කඩුලු 2 දවා ගනිමින් දඹුල්ල කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය තහවුරු කළේය.

ගාලු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල වෙනුවෙන් විශිෂ්ඨතම  පිතිහරඹය දියත් කළ චමිඳු තම ඉනිම හයේ හර 3 කින් සහ හතරේ  පහර 6 ක් ඇතුළත් කළේය. එම දක්ෂතාවය චමිඳුට තරගයේ වීරයා සම්මානයද ගෙන ආවේය. දඹුලු කණ්ඩායම අසීරුතාවයට පත් කිරීම වෙනුවෙන් කවිඳු නදීෂාන් කඩුලු 2 ක් දවා ගනිද්දී ඉසුරු උදාන කඩුලු 2 ක් දවා ගත්තේය.

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුුලු 8 ට ලකුණු 160 යි

චමිඳු වික්‍රමසිංහ 56, ළහිරු උදාර 26, රීසා හෙන්රික්ස් 16, කුසල් පෙරේරා 17, නුවනිඳු ප්‍රනාන්දු 12, මාක් චැප්මන් 12, දුෂාන් හේමන්ත 15, කවිඳු නදීෂාන් 16/3, ඉසුරු උදාන 16/2)

ගෝල් මාවල්ස් පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 135 යි –

ඉසුරු උදාන 72, ඇලෙක්ස් හේල්ස් 17, සහන් ආරච්චිගේ 11, නුවන් තුසාර 37/3, දුෂාන් හේමන්ත 33/3, චමිඳු වික්‍රමසිංහ 01/2

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee