ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජූලි මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතර තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රෝස පැහැති ඇඳුමින් සැරසී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වැඩියක්ම කාන්තාවන් පියයුරු පිළිකා තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින අතර එම මූලික අවධියේදීම පිළිකා හඳුනාගැනීම සඳහා අවධානයයොමු කිරීම, ස්වයං පරීක්ෂා සඳහා වැඩි අවධානයක් ලබාදීම මීට හේතුව බවද දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නිවේදනය කර සිටියේය.
ඒ අනුව එම තරගයේදී දඹුලු ක්‍රීඩකයෝ රෝස පැහැති පීත්ත පටියක් පැළැඳ රෝස පැහැති ටීෂර්ටයකින් සැරසී ක්‍රීඩා කරනු ඇත. එදින තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ටත් ක්‍රීඩාංගණ පරිශ්‍රෙයන් රෝස පැහැති ටීෂර්ටයක් මිලදී ගෙන මෙම සද්කාර්යය දායකත්වය දැක්වීමේ හැකියාව ඇත.
මේ හරහා ලැබෙන සියලු මුදල් පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කෙරෙනු ඇත. මෙවැනි ආකාරයේ තරග ලොව බොහෝ රටවල ක්‍රීඩාව ආශ්‍රිතව සිදුකෙරනු අතර සෑම වසරකටම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පින්ක් ටෙස්ට් (රෝස ටෙස්ට් තරගය) ලෙසින් නම් කර තිබේ.