slc
logo
Home   |    News
ජූලි 13, 2024
පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය

sinhala editor

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර ගැනීමට මා වෙත  පැවරීමෙන් ජයග්‍රහණය අප වෙත විවෘත කරගත් බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය ප්‍රකාශ කළේය.

ගෝල් මාවල්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර බදාදා (10) රාත්‍රී පැවැති තරගයේදී මුලින් පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇන්ඩ්‍රි ෆ්ලෙචර් (69) සහ දිනේෂ් චන්දිමාල් (32) නායක වනිඳු හසරංග ද (00) දවාලීමට මෙදින ප්‍රභාත් ජයසූරිය සමත් විය. අංක හත පිතිකරු වනිඳු හසරංග දැවී ගියේ ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දුවටමය.

මෙහිදී අදහස් දැක් වූ තරගයේ දක්ෂතම ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තමා සහභාගි වූ ප්‍රථම එල්.පී.එල්. තරගය වන මේ තරගයේදීම මෙලෙස දස්කම් දක්වා ජයග්‍රහණයට දායක වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව ද ප්‍රකාශ කළේය.

“ටෙස්ට් තරගයකදී මෙන් නොව මේ විස්සයි 20 තරගයන්හිදී ඉක්මන් තීරණ ගැනීමත් මිශ්‍ර පන්දු යැවීමත් නිරන්තරයෙන්ම ක්‍රියාශීලී වීමත් අත්‍යවශ්‍යයි. මා එලෙස ඊට හැඩ ගැසීමෙන් සාර්ථක වීමට අවස්ථාව සැළසීම පිළිබඳව සතුටුයි“

“කණ්ඩායමේ නායක කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල මා හට මීට කලින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියන්හිදී හොඳින්ම සහය දී තිබෙනවා. මේ විස්සයි 20 තරගයේදීත් ඔහුගේ සහය ලැබීම මගේ සාර්ථකත්වයට තවත් හේතුවක්. මගේ අතට පන්දුව ලැබුණු විගස මා දැන සිටියා ගෝල් පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ හෙළුවොත් තරගයේ වාසිය අපේ දෙසට හැරෙන බවට. එය එලෙසම සිදුවීම ගැන සතුටට පත්වන බව ප්‍රභාත් ජයසූරිය කිය.

දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වුවත් මෙදින ලකුණු 188ක් හඹායාම මඳ අපහසුවක් වුවා. ඒත් අප ඉලක්කය කරා ළඟා වීම පිළිබඳව සතුටුයි. අපේ අරමුණ මූලික වටය අවසාන වන විට ප්‍රථම හෝ දෙවන ස්ථානයට පත්වීමයි.

එල්.පී.එල්. තරගාවලිය ඉතා හොඳ  තරගාවලියක්. මා දේශීය වශයෙන් විස්සයි 20 තරගවලට සහභාගි වුවත් එල්.පී.එල්. තරගාවලියට එක් වුයේ මේ තරගයේදීයි. ප්‍රථම තරගයේම දක්ෂම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව සතුටු වන බව ද ප්‍රභාත් ජයසූරිය පැවසීය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee