slc
logo
Home   |    News
ජූලි 10, 2024
රුසොව්ගේ වේගවත්ම ශතකය ජැෆ්නා කිංග්ස්ට ජය ඉක්මන් කරයි

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මීට දින කීපයකට ඉහතදී කුසල් ජනිත් පෙරේරා විසින් පිහිටුවන ලද වේගවත්ම ශතකයේ වාර්තාව සියතට ගනිමින් රිලී රුසොව් (108*) විසින් දියත් කරන ලද අනුකම්පා විරහිත ශෂතකය හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 දා) පැවැති තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

රුසොව්ගේ ශතකය හේතුවෙන් ලකුණු 189 ක ඉලක්කයක් කරා ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමින. මුහුණ දුන් 44 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් රුසොව් අද දිනයේදී බිද හෙළන ලද්දේ මීට දින කීපයකට පෙර කුසල් ජනිත් පෙරේරා විසින් පන්දු 50 කදී පිහිටුවන ලද වේගවත්ම ශතකයේ වාර්තාව විය. ඒ අනුව රුසොව් ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතකයම හිමි පිතිකරුවා බවට පත්විය.

මතීෂ පතිරණගේ පන්දුවකට කඩුලු රැකි රාමනුල්ලා ගුර්බාස් වෙත පහසු උඩ පන්දුවක් ලබා දුන්නද එය ඔහුගේ අතින් ගිලිහී යෑමෙන් වරම් ලබාගත් රුසොව් ශතකය කරා පියමං කළේය. ඒ වනවිටත් රුසොව් ලබා සිටියේ ලකුණු 76 ක් පමණි. මීට පෙර තරග වලදී කඩුලු රැකීමේ කාර්යයෙහි නිරත වූයේ සධීර සමසරවික්‍රම වූ නමුත් අද තරගයේදී කඩුලු රැකීමේ වගකීම ඉටු කරන ලද්දේ ගුර්බාස් විසිනි. කෙසේ වෙතත් තරගය නිමා වනවිට රුසොව්ගේ නම ඉදිරියෙන් පන්දු 50 කදී නොදැවී ලකුණු 108 ක් සටහන්ව තිබුණේ ඊට එක් කරන ලද හයේ පහර 6 ත් හතරේ පහර 12 ත් සමඟිනි.

රුසොව්ගේ උඩපන්දුව අද තරගයේදී ගුර්බාස් අතින් ගිලිහී ගිය පළමු උඩ පන්දුව නොවන අතර ඔහු අතින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණුක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවද ගිලිහී ගියේය. එයින් වරම් ලබා ගත් මෙම පිතිකරුවන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදි රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 120 ක් විය. ඒ වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණ 58 ක් රැස් කළේය. මෙය අවිශ්ක මෙවර තරග වාරයේ ක්‍රීඩා කරන ලද තරග 6 දී ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. ඒ අනුව අවිශ්ක මේ වන විටත් රැස කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 284 ක් වේ.

පළමුව පන්දුවට පහර දුන් කලබ්මු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ ගුර්බාස් සහ ඇන්ලෝ පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක් කළෙ ් පන්දු 17 ක් පමණක් වැය කරමිනි. ගුර්බාස් පන්දු 11 කදී ලකුණු 27 ක් ලබා පිටියෙන් ඉවතට යද්දී ඇන්ජලෝ පෙරේරාට එක් වුණු ග්ලෙන් පිලිප්ස් ස්ට්‍රයිකර්ස් ලකුණු ලබා ගැනීම වේගවත් කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 120 ක්ව තිබියදී පන්දුවක් හිසේ වැදීම නිසා ඇන්ජලෝ පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ වන විටත් පෙරේරා පන්දු 30 කදී ලකුණ 34 ක් ලබා සිටියේය. කෙසේ වෙතත් සිය සටන අත්නොහළ ග්ලෙන් පිලිප්ස් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු ලකුණු 58 ක් ලබා ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. මැද පෙළ පිතිකරුවන්ගේ දායකත්වය නොලැබීම, මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ස්ට්‍රයිකර්ස් පිලට නොහැකිවීමට මූලික හේතු විය. එය තවත් විදියකින් කියන්නේ නම් තිසර පෙරේරාගේ දැවී යෑමෙන් පසු යවන ලද පන්දු 15 කදී ස්ට්‍රයිකර්ස් පිලේ කඩුලු 5 ක් දැවී ගියේ ලකුණු 11 ක් පමණක් කණ්ඩායමට එකතුවන අතර වාරයේය.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර 2 දී පිටියට එක් වුනු දුනිත් වෙල්ලාලගේ සහ ටස්කින් අහමඩ් ලකුණු 22 ක් ලබා ගනිමින් ස්ටුයිකර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 188 දක්වා ඉහළ දමා ගත්හ.

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 188 යි –

(රාමනුල්ලා ගුර්බාස් 27, ඇන්ජලෝ පෙරේරා 34, ග්ලෙන් පිලිප්ස් 58, තිසර පෙරේරා 13, දුනිත් වෙල්ලාලගේ 13, ටස්කින් අහමඩ් 15*, අස්මතුල්ලා ඔමර්සායි 31/2, අසිත ප්‍රනාන්දු 38/2)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 18.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 190 යි

(රිලී රුසොව් 10*, අවිශ්ක ප්‍රනාන්දු 58, චරිත් අසලංක 11*)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee