ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර එල්ල කිරීමට අවස්ථාව උදාවන හෙයින් හතරේ සීමාවේ දුර ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක් පැන නොනඟින බව ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් තරගයෙන් පසුව ජැෆ්නා කින්ග්ස් නායක චරිත් අසලංක ප්‍රකාශ කළේය.
හතරේ සීමාව මඳක් කෙටිකර ක්‍රීඩා කිරීමෙන් ඉදිරියේ පවතින ඉන්දීය සංචාරයට එය යම් හෙයකින් බලපානු ඇත්දැයි විමසු විට චරිත් අසලංක ප්‍රකාශ කළේ ලොව බොහෝ රටවල මෙන් ඉන්දියාවේ හතරේ සීමා ද යාර 70ක දුරින් ද ශ්‍රී ලංකාවේ යාර 70 – 75ක දුරින් ද පවතින බවයි.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ සෙනසුරාදා රාත්‍රී ඕවර හතකට සීමාව තිබු තරගයේදී තමා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඕවරයකට ලකුණු දොළහක් දොළහමාරක් (පන්දු 30කදී ලකුණු 66ක්) අවශ්‍යව තිබු බව කී චරිත් අසලංක එම අවස්ථාවේ තණතිල්ල ගැන නොසිතා වේග පහර කිහිපයක් එල්ල කර ඉලක්කයට ළඟාවීමට තමා ගත් උත්සාහය සාර්ථක වු බව ද ප්‍රකාශ කළේය.
කැන්ඩි කණ්ඩායම දඟපන්දු යවන්නන් දෙදෙනකුම යොදවා තිබියදී ජැෆ්නා කණ්ඩායම දඟපන්දු යවන්නන් දෙදෙනා ඉවත් කර තරගයට පිවිසුණේ මන්දැයි විමසු විට ජැෆ්නා කින්ග්ස් නායකයා ප්‍රකාශ කළේ “මෙදින උදෑසන සිට පැවැති වර්ෂාව මත තණතිල්ල මඳ තෙත් ගතියක් ඉසිලුවා. පළමු ඕවර දෙක පවර් ප්ලේ ඕවර වනවා. දඟපන්දු යවන්නන්ට පන්දුව දඟ කැවීමත් අසීරු කරුණක් ලෙස අප දුටුවා යනුවෙනි.
තරගය පැවැති දින උදෑසන සිට තණතිල්ල වසා තැබීමෙන් එය මඳක් කළු පැහැ ගැන් වී තිබු බව කී චරිත් අසලංක වේග පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට එයින් අවස්ථාව සැළසුණු බව ද පැවසීය.
ඉරිදා (14) කළම්බු ස්ට්‍රයිකර්ස් සමඟ තරගය තම කණ්ඩායමට ඉතා වැදගත් තරගයක් වනුයේ තරගාවලියේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතරට පැමිණීමෙන් අවසාන පූර්ව තරග දෙකකටම සහභාගි වී ජයග්‍රාහී මානසිකත්වයකින් අවසාන තරගයට යාමට අපගේ කණ්ඩායමට අවස්ථාව සැළසෙන හෙයින් බව ද කීවේය.
ඉරිදා පැවැත්වෙන තරගය සමාජයේ අවශ්‍යතාවයනට ලක්ව සිටින පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබීම පිළිබඳව තමා සතුටු වන බව ද ජැෆ්නා කින්ග්ස් නායකයා ප්‍රකාශ කළේය.