slc
logo
Home   |    News
ජූලි 14, 2024
හයේ වරුසාවක් සමඟින් ජැෆ්නා ක්‍රීඩකයෝ 5 වැනි ජය ලබති

sinhala editor

Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙවත් කොළඹ අදියර ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 79 ක ඉලක්කය හඹා යෑමේදී ලකුණු 60 ක්ම හයේ පහර වලින් ලබා ගැනීමට ජැෆ්නා  පිතිකරුවෝ සමත්වූහ. හයේ පහර 10 ක් ඇතුළත් වුණු එම හඹා යෑමේදී ජයග්‍රාහී ඉලක්කය පන්දු 7 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ සමත්වූහ.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 7 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් පිලේ පළමු කඩුලු 3ම ලකුණු 13 දී බිඳ දැමීමට ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනා සමත්වූහ. එහෙත් සිව්වැනි කඩුල්ලට එක් වුණු නායක චරිත් අසලංක සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු පන්දු 13 කදී ලකුණු 41 ක් රැස් කරමින් අසීරු ඉලක්කය පහසු ඉලක්කයක් බවට පත් කළහ. මෙහිදී අසලංක පන්දු 9 කදී ලකුණු 26 ක් රැස් කරද්දී අවිශ්ක පන්දු 7 කදී ලකුණු 16 ක් රැස් කළේය.

ඒ වෙනුවෙන් චරිත් අසලංක හයේ පහර 4 ක්ද අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 2 ක්ද එල්ල කරද්දී රිලී රුසොව් (1) සහ අස්මතුල්ලා ඔමර්සායි (3) ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් හයේ පහර රැස් කරන ලද පිතිකරුවෝ බවට පත්වූහ.

වනිදු හසරංග විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාරයේදී චරිත් අසලංක සහ ළහිරු සමරකෝන් දෙදෙනාම දැවී ගියද අනතුරුව පිටියට පිවිසි ඔමර්සායි පන්දු 6 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස් කළේ කැන්ඩි පන්දු යවන්නන්ට කිසිදු ඉඩ පහසක් විවර නොකරමිනි.

ජැෆ්නා කිංග්ස් පිල අද වාර්තා කරන ලද ජය මෙවර තරගාවලියේදී ඔවුන් වාර්තා කරන ලද 5 වැනි තරග ජය ලෙසින් සනිටුහ්න විය. මෙම ජයත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ අවසන් කණ්ඩායම් 4 අතර ස්ථානයද තහවුරු කර ගනිමිනි.

මෙම හඹා යෑමේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක සහ තම පළමු පන්දුවාරය හොඳින් යැව්වද දෙවැනි පන්දුවාරයේදී පිළිවෙළින් ලකුණු 15 ක් සහ ලකුණු 20 ක් උදුරා ගැනීමට අසලංක සහ අවිශ්ක දෙදෙනා සමත්වූහ.

අසලංකගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමේ ෆ්ලෙචර් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ මොහොමඩ් හැරිස් පන්දු 23 කදී ලකුණු 56 ක් එක් කළහ.

මෙම තරගය සඳහා ජැෆ්නා කණ්ඩායම ළහිරු සමරකෝන්ව කැදවා තිබුණද ඔහු යවන ලද පන්දුවාරයේදී ලකුණු 28 ක් රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 7 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 78 යි 

මොහොමඩ් හැරිස් 30, දිනේෂ් චන්දිමාල් 21, ඇන්ජලෝ මැතිව්ස් 11, ජේසන් බෙරන්ඩ්‍රොෆ් 10/3, අසිත ප්‍රනාන්දු 19/1, අස්මාතුල්ලා ඔමර්සායි 20/1

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 5.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 79 යි

චරිත් අසලංක 26, අවිශ්ක ප්‍රනාන්දු 16, අස්මාතුල්ලා ඔමර්සායි 24*, ඇන්ජලෝ මැතිව්ස් 22/2, වනිඳු හසරංග 18/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee