slc
logo
Home   |    News
අගෝස්තු 14, 2024
අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙපිළ අතර අවසන් මහ තරගය හෙට පෙ.ව. 9.30 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙතෙක් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින ගාල්ල කණ්ඩායම කොළඹ කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයද කඩුලු 7 කින් ජය ගනිමින් අපරාජිතව අවසන් මහ තරග වරම උදාකර ගත්තේය. මූලික වටය යටතේ සහභාගිවුණු තරග 6 න් එක් තරගයක් වැස්සට සේදී යෑම හැරුණු කොට සෙසු තරග 5 ම ජය ගනිමින් අවසන් මහ තරග වරමට අපරාජිතව රශ්මිකා සෙව්වන්දිගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මීට අමතරව අද පැවැති අනෙක් තරගය වුණු දඹුල්ල පිලට එරෙහි තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ අසේනි තලගුණේගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම මූලික වටයේ තරග 4 ක් ජය ගනිමින් අවසන් මහ තරග වරම උදා කර ගත්තේය.

පෙරවරුවේ පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 71 කට සීමා කළ මහනුවර කණ්ඩායම එය හඹා යෑමේදී පන්දුවාර 13.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

පස්වරුවේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් රැස් කරන ලදුව එය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්විය.

මහනුවර – දඹුල්ල

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 71 යි.

චලනි කවීෂා 13, දනෝද්‍යා සෙව්මිණී 16, යූ.ඩී. සොපිකා 08/3, මනීෂා හේරත් 11/2

මහනුවර කණ්ඩායම පන්දුවාර 13.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 72 යි

හිරුණි දිසානායක 22, කවිෂ්කා අබේරත්න 16*, සඳුනි බොලවත්ත 15*, 

ගාල්ල – කොළඹ

කොළඹ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 103 යි

හසිනි විජේසිංහ 10, එරන්දි වර්ණකුලසූරිය 15, දහමි සෙනෙත්මා 40*, විශ්මි සොයිසා 13*, චමෝදි මුණසිංහ 10/2

ගාල්ල පන්දුවාර 15.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 104 යි

සංජනා කාවින්දි 42*, සුමුදු නිසංසලා 21, රශ්මිකා සෙව්වන්දි 23

ගාල්ල කණ්ඩායම – රශ්මිකා සෙව්වන්දි (නායිකා), සුමුදු නිසංසලා, රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, සංජනා කාවින්දි, නෙතඟි ඉසුරාංජලී, රිෂ්මි සංජනා, චමුදි ප්‍ර බෝධා, විශ්මි සාවින්දි, ලක්නි නිම්සරා, ෂෙහාරා ඉඳුවරී, අප්සරා මදුමාලි, සෙත්මි නෙහාරා, චමෝදි හේරත්, කේ. එම්. ශියාන්ති , ජයතු නිලවීර මහතා (ප්‍රධාන පුහුණුකරු), සඳුනි අබේවික්‍රම මෙනෙවිය (සහාය පුහුණුකාරිණී), දීපිකා සුබසිංහ මෙනෙවිය (කලමනාකරු)
මහනුවර කණ්ඩායම – අෂේනි තලගුණේ (නායිකා), විමෝකෂා බාලසූරිය, දරනි දිසානායක, මල්මි හේරත්, ප්‍රමුදි මෙත්සරා, මිතලි අයෝද්‍යා, හිරුණි දිසානායක, චමෝදි මෙන්ඩිස්, ගයනා ගුණතිලක, සඳුනි බොලවත්ත, දුලාංජනී නවෝද්‍යා, යූ. ඩී. සොපිකා, චමත්කා නෙලුමි, කවිෂ්කා සත්සරණි, නිරාෂා ගිම්හානි, සමන්ත දික්කුඹුර මහතා (ප්‍රධාන පුහුණුකරු), ප්‍රභා උඩවත්ත මහත්මිය (සහාය පුහුණුකාරිණී), චන්දිමා ගුණරත්න මෙනෙවිය (කලමනාකාරිණී)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee