slc
logo
Home   |    News
අගෝස්තු 7, 2024
අවු. 19 න් පහළ බාළිකා පළමු අර්ධ ශතකය හිරුණි හංසිකාගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල සහ මහනුවර බාළිකා කණ්ඩායම් සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී මහනුවර අතින් කොළඹ කණ්ඩායමත්, ගාල්ල අතින් දඹුල්ල කණ්ඩායමත් පරාජයට පත් කළහ.

උදෑසන පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 142 ක් ලදුව ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 61 ක් පමණි. ඒ අනුව එම තරගයෙන් ගාල්ල කණ්ඩායමට ලකුණු 81 ක ජයක් හිමි විය. මෙම තරගයේදී ගාල්ල කණ්ඩායමේ හිරුණි හංසිකා පන්දු 42 කදී හතරේ පහර 9 ක් ද සමඟින් ලකුණු 51 ක් ලබා මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතක ලාභිණිය බවට පත්වූවාය.

මේ අතර පස්වරුවේ පැවැති තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කරගැනීමට සමත්වූවේය.

මහනුවර කඩුලු 6 ක ජයක්

කොළඹ අවු. 19 න් පහළ බාලිකා පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 115 යි

එරන්දි වර්ණකුලසූරිය 10, යෙනුලි සත්නදී 11, ලිමී තිලකරත්න 25, දහමි සෙනෙත්මා 24, ප්‍රමුදි මෙත්සරා 23/3, නිරාෂා ගිම්හානි 13/3,

මහනුවර අවු. 19 න් පහළ බාලිකා පන්දුවාර 19.4 කදී කඩුලු 4 ට ලකුණු 118 යි

හිරුණි දිසානායක 18, විමෝෂ්කා බාලසූරිය 48*, කවිශ්කා අබේරත්න 32*, 

ගාල්ලට ලකුණු 81 ක ජයක්

ගාල්ල අවු. 19 න් පහළ බාළිකා පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 142 යි

හිරුණි හංසිකා 51, සංජනා කාවින්දි 23, රශ්මිකා සෙව්වන්දි 14, නෙතඟි ඉසුරාන්ජලී 27, රශ්මි නේත්‍රාංජලී 10, නෙත්මි උපේක්ෂා 18/3

දඹුල්ල අවු. 19 න් පහළ බාළිකා පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 61 යි

චතුමිණි සඳකිරනි 10, චාලනි කවීෂා 11, වගීශා ජයවර්ධන 12, විශ්මි සෙව්වන්දි 07/2, ශෙහාරා ඉඳුවරී 19/2, චමෝදි මුණසිංහ 03/2

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee