slc
logo
Home   |    News
අගෝස්තු 11, 2024
අසේනිගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි පිලට ජය ගෙනෙයි

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගයේ දී කලම්බු කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කැන්ඩි කන්ඩායමේ නායිකාව අසේනි තලගුණේ සමත්වූවාය. මෙහිදී පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අසේනි පන්දුවට  පහර දෙමින් ලකුණු 18 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය ලෙසින් කැන්ඩි ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වෙහෙසක් ගනු ලැබුවාය.

කළම්බු ඕවර 15.5කදී සියලු පිතිකාරිණියන් දැවී රැස් කළ ලකුණු 80ට පිළිතුරු ලෙස කැන්ඩි කඩුලු පහකට ලකුණු 82ක් රැස්කර කඩුලු පහක ජයක් අත්කර ගත්තේ තරගය නිමවීමට තවත් පන්දු 16ක් ඉතිරිව තිබියදී ය.

 කැන්ඩි නායිකාව අසේනි තලගුණේට අමතරව ප්‍රමුදි මෙත්සරා (14/2) සහ නිරාෂා ගිම්හානි (18/2) පන්දු යැවීමේදීත් හිරුණි දිසානායක (ලකුණු 17යි) විමෝක්ෂා බාලසූරිය (ලකුණු 17යි) සහ මිතාලි අයෝධ්‍යා (නොදැවී 17) පන්දුවට පහරදීමේදී ද කැපී පෙනුණි.

 මෙදින (11) සවස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු දඹුල්ල සහ ගෝල් අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් තරගය අත්හිටුවනු ලැබීය. තරගය නතර කරන විට දඹුල්ල පන්දුවාර හයකට මුහුණ දී කඩුලු දෙකකට ලකුණු 16ක් ලබා සිටියේ ය.

කළම්බු ආරම්භක පිතිකාරිණිය එරන්දි වර්ණකුලසූරිය පමණක් ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළෙමින් මේ තරගයේම වැඩිම ලකුණු ලාභිනිය වුයේ පන්දු 22කදී ලකුණු 32ක් (හතරේ හතයි) රැස් කරමිනි. කළම්බු කණ්ඩායම වෙනුවෙන් ලකුණු දහය ඉක්ම වු අනෙක් එකම පිතිකාරිණිය වුයේ අංක හත පිතිකාරිණිය උමා රත්නායකය. (ලකුණු 15යි පන්දු 15යි හතරේ තුනයි)

 කළම්බු කණ්ඩායම ලකුණු 80ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවීයාමට ප්‍රධාන හේතුව වුයේ ඔවුනගේ අවසාන කඩුලු අටම ලකුණු 37ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවී යාමය. කළම්බු කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේ තෙවන කඩුල්ලට එරන්දි වර්ණකුලසූරිය සහ අංක හතර පිතිකාරිණිය හසිනි විජේසිංහ (09) එක්කළ ලකුණු 31ක (පන්දු 22කදී) සබඳතාවයයි. තරගයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ කැන්ඩි නායිකාව අසේනි තලගුණේ කඩුලු තුනක් දවාලුවේ ලකුණු 17ක් ලබාදීමෙනි.

 කැන්ඩි කණ්ඩායම ලකුණු 81ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ පිතිකාරිණියන් සිව්දෙනකුම ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණි. නායිකා අසේනි තලගුණේට අමතරව හිරුණු දිසානායක (17), විමෝක්ෂා බාලසූරිය (17) සහ මිතාලි අයෝධ්‍යාය (නොදැවී 17) පිත්තෙන් දස්කම් දැක්වූහ.

 කැන්ඩි කණ්ඩායමේ හොඳම සබඳතාවයන් වුයේ නායිකාව අසේනි තලගුණේ සහ විමෝක්ෂා බාලසූරිය තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 31ක සබඳතාවය සහ හයවැනි කඩුල්ලට අසේනි තලගුණේ සහ මිතාලි අයෝධ්‍යා එක් කළ ලකුණු 25ක සම්බන්ධයයි. රශ්මිලා නිශාදි ලකුණු 14කට කඩුලු දෙකක් දවාලුවාය.

කළම්බු ඕවර 15.5කදී සියල්ල දැවී 80යි – (එරන්දි වර්ණකුලසූරිය 32, උමායා රත්නායක 15, හසිනි විජේසිංහ 09, අසේනි තලගුණේ 17/3, ප්‍රමුදි මෙත්සර 14/2, නිරාෂා ගිම්හානි 18/2යි)

 කැන්ඩි ඕවර 17.2කදී කඩුලු 5ට 82යි – (අසේනි තලගුණේ නොදැවී 18, හිරුණි දිසානායක 17, විමෝක්ෂා බාලසූරිය 17, මිතාලි අයෝධ්‍යා නොදැවී 17, රශ්මිලා නිෂාදි 14/2, විශ්මි සොයිසා 18/1, ලිම්මි තිලකරත්න 17/1යි)

  • දඹුල්ල – ගෝල් වර්ෂාව මත අත්හිටුවයි –

 දඹුල්ල කඩුලු 2ට ලකුණු 16යි (ඕවර 6යි) – ශ්‍යානි තෙන්නකෝන් නොදැවී 07, රශ්මි නේත්‍රාංජලී 5/1, ෂෙහාරා ඉඳුවර 3/1යි)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar