slc
logo
Home   |    News
අගෝස්තු 16, 2024
උඩපන්දු ගිලිහී යෑමේ වාසියෙන් අයර්ලන්තය එක්දින තරගාවලියේ පෙරට

sinhala editor

රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අද ඇරැඹි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් අයර්ලන්තය කාන්තා පිල හමුවේ කඩුලු 3 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය. මෙය දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද අයර්ලන්ත කාන්තා ජයග්‍රහනය ඉතිහාසයට එක් විය.

ලකුණු 261 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී එහි වැඩි කාර්යය භාරයක් ඉටු කරන ලද පිතිකාරිණිය බවට පත්වුණු ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් පන්දු 111 කදී ලකුණු 122 ක අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් අයර්ලන්ත ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්වූවාය. පන්දුවට  පහර දීම හැරුණු කොට ඇය පන්දු යැවීමේදීද ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ලමින් සමස්ථ තරගයේදීම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසින් කැපී පෙනන දක්ෂතාවක් පෙන්වූවාය.

මුහුණ දුන් 97 වැනි පන්දුවේදී කවීෂා දිල්හාරි එවන ලද පන්දුවක් එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහලින් හතරේ සීමාවට යැවීමට සමත් වූ ප්‍රෙන්ඩර්ගාස්ට් මංගල එක්දින ශතකය රැස් කර ගත්තාය. අයර්ලන්ත ජයග්‍රහණය සනාථ වන තුරුම නොබිඳිව පැවැති එම අගනා ඉනිම වෙනුවෙන් ඇය හයේ පහර 2 ක් සහ හතරේ පහහර 10 ක් ද එල්ල කර තිබුණාය. ඇය ලකුණු 12 ක් සහ ඇය ලකුණු 12 ක් සහ ලකුණු 92 ක් ලබා සිටියදී දවා ගැනීම වෙනුවෙන් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි හර්ෂිතා සමරවික්‍රම වෙත පහසු උඩ පන්දු දෙකක් ලබා දුන්නද එය හර්ෂිතා අතින් අතහැර නොයන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා ශ්‍රී ලංකාව දෙසට වාසිවන්නට ඉඩ තිබිණ.

ඇයගේ දක්ෂතාවය හැරුණු කොට කඩුලු රැකි ක්‍රීඩිකා ඇමී හන්ටර් පන්දු 45 කදී රැස් කරන ලද ලකුණු 42 ක ද අයර්ලන්ත ජයග්‍රහණයට ඉතා වටිනා එකක් විය. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 4 ක් ලබා ගත්තද ඇයගේ පන්දුවාර 10 දී ලකුණු 54 ක් උදුරා ගැනීමට අයර්ලන්ත පිතිකාරිණියන් සමත්වූහ. ඇය විසින් යවන ලද 10 වැනි පන්දුවාරයේදී ප්‍රෙන්ඩර්ගාස්ට් විසින් ලකුණු 18 ක් උදුරා ගැනීමට සමත්වූවාය. කෙසේ වෙතත් අයර්ලන්ත ඉනිමේ ජයග්‍රහණය 50 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී සනිටුහන්වූයේ කඩුලු 7 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පැවැත්වුණු මෙම තරගයේදී, ශ්‍රී ලංකා පිලේ හදවත බඳු වූ නායිකා චමරි අතපත්තු ලකුණු නොලබා දැවී ගියද සෙසු පිතිකාරිණියන්ගේ ධෛර්යවන්ත පිතිහරඹය නිසා නියමිත පන්දුවාර 50 දී ලකුණු 260 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබිණ.

තම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව වන චමරි අතපත්තු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියද ළබාල වුවද තමන් තවදුරටත් පළපුරුදු ක්‍රීඩිකාවක් බව යළිත් ඔප්පු කළ විශ්මි ගුණරත්න තම එක්දින තරග දිවියේ මංගල ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කාරිය බවට පත්වීමට අද සමත්වූවාය. තරග 16 ක එක්දින තරග දිවියේ මෙතෙක් අර්ධ ශතක 2 කට පමණක් හිමිකම් කියා සිටි හුරුබුහුටි දකුණත් පිතිකාරිණිය සිය ලකුණු 101 ක ඉනිම සඳහා පන්දු 98 කට මුහුණ දී තිබුණේ ඊට එල්ල කරන ලද හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ද සමඟිනි.

ඇයට අනගි සහායක් ලබා දුන් හසිනි පෙරේරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධාතවක් ගොඩනැංවූහ. මෙහිදී හසිනි පෙරේරා සිය ඉනිමට හතරේ පහරක් සහ එක් හයේ පහරක් පමණක් ඇතුළත් කර තිබුණාය. පන්දු 72 ක් ඇයගේ ඉනිම සඳහා වැය වී තිබුණද එය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණු විශිෂ්ඨතම ඉනිමක් විය.

වඩාත් සැලසුම් සහගතව පිතිකරණයේ යෙදුණු දකුණත් සහ වමත් පිතිකාරිණියන් යුගලේ සම්බන්ධතාවය 31 වැනි පන්දුවාරය තෙක් දීර්ඝ විණ. විශ්මි දැවී යන විටත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 5 කට වඩා ඉහළ අගයක පැවැතිණ. එතැන් පටන් වගකීම ගත් මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියෝ පන්දුවාර 19 කදී ලකුණු 103 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 න් ඔබ්බට රැගෙන ගියහ. ඒ වෙනුවෙන් ළාබාල ක්‍රීඩිකාවක වන සචිනි නිසංසලා නොදැවී ලකුණු 17 ක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 18 ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙනිණ.

පන්දු යැවීමේදී ඔර්ලා ප්‍රෙන්ඩගාස්ට් ලකුණු 25 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ලමින් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට තරමක අභියෝගයක් ගෙන ඒමට සමත්වූවාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 260 යි

විශ්මි ගුනරත්න 101, චමරි අතපත්තු 00, හර්ෂිතා සමරවික්‍රම 19, හසිනි පෙරේරා 46, කවීෂා දිල්හාරි 16, නිලක්ෂි ද සිල්වා 13, අනුෂ්කා සංජීවනී 17, සචිනි නිසංසලා 17, සුගන්ධිකා කුමාරි 18, අචිනි කුලසූරිය 03*, ඔර්ලා ප්‍රෙන්ඩගාස්ට් 25/3, අලානා ඩැල්සෙල් 37/2, ආර්ලීන් කෙලී 42/2, ඇලිස් ටෙක්ටර් 49/1

අයර්ලන්තය පන්දුවාර 49.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 261 යි

සාරා ෆෝර්බ්ස් 30, ගැබී ලුවිස් 09, ඇමී හන්ටර් 42, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් 122*, ලීහ් පෝල් 07, රෙබෙකා ස්ටොකෙල් 19, අර්ලීන් කෙලී 12, ඇලිස් ටෙක්ටර් 00, ජේන් මේගර් 07*, කවීෂා දිල්හාරි 54/4, සචිනි නිසංසලා 44/1, අචිනි කුලසූරිය 24/1, උදේශිකා ප්‍ර බෝධනී 47/1

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee