slc
logo
Home   |    News
අගෝස්තු 15, 2024
නැෂනල් යූත් ලීග් බාළිකා ශූරතාව ගාල්ලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම අද (15 දා) සමත්විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශීෂ්ඨ ජයක් වාර්තා කරමින් ශූරතා කුසලානට අමතරව රු. ලක්ෂ 3 ක ජය මල්ලටද හිමිකම් කීවේය.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 87 ක් ලබා ගත් නමුත් ඊට අභියෝග කරමින් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩිකාවෝ කිසිදු කඩුල්ලක් ලබා නොදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ පන්දුවාර 11.5 ක් පමණක් වැය කරමිනි. මෙහිදී සුපිරි පිතිහරඹයක නියැලුණු හිරුණි හංසිකා පන්දු 37 කදී හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 41 කුද සංජනා කාවින්දි පන්දු 35 කදී ලකුණු 27 ක් බැගින් රැස් කර ගත්හ.

මහනුවර කණ්ඩඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය වූයේ නිරාෂා ගිම්හානි (14) වන අතර ඇයට අමතරව විමෝක්ෂා බාලසූරිය (12) සහ මිතලි අයෝද්‍යා (12) ලකුණු 10 සීමාව ඉක්මවා ගිය පිතිකාරිණියෝ බවට පත්වූහ. මේ අතර පන්දු යැවීමේදී හිරුණි හංසිකා ලකුණු 12 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගනිද්දී චමෝදි මුණසිංහ ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකාවක මෙන්ම කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකාවක් ලෙසින් කටයුතු කරන රසාංජලී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසින් ලකුණු 41 ක් රැස් කළ ගාල්ල කණ්ඩායමේ හිරුණි හංසිකා සම්මාන දිනා ගත්තාය. ඇයට එම කුසලානයට අමතරව මුදලින් රු. 50,000 ක තෑගි මුදලක් හිමිවිය.

මේ අතර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස තරග 6 කදී කඩුලු 9 ක් දවා ගත් ගාල්ල කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවරී ද දක්ෂතම පිතිකාරිණිය ලෙස තරග 6 කදී ලකුණු 125 ක් රැස් කළ ගාල්ල කණ්ඩායමේම සංජනා කාවින්දි ද සම්මාන දිනා ගත්හ. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාටම එම කුසලාන වලට අමතරව මුදලින් රු. 75,000 ක මුදලක්ද පිරිනැමිණ.

මේ අතර තරගාවලියේ කාගේත් අවධානය යොමුවුණු සම්මානයක් වන දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තරග 6 කදී පිත්තෙන් ලකුණු 139 ක් සහ පන්දු යවමින් කඩුලු 4 ක් දවා ගත් කොළඹ කණ්ඩායමේ දහමි සෙනෙත්මා ක්‍රීඩිිකාව සම්මාන දිනා ගත්තාය. අනුශූතරව දිනා ගත් අෂේන් තලගුණේගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට මුදලින් රු. ලක්ෂ 2 ක් පිරිනැමිණ.

මහනුවර පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 87 යි

විමෝක්ෂා බාලසූරිය 12, මිතලි අයෝද්‍යා 12, නිරාෂා ගිම්හානි 14*, චමෝදි මුණසිංහ 16/3, හිරුනි හංසිකා 12/4, ෂෙහාරා ඉඳුවරී 23/1

ගාල්ල පන්දුවාර 11.5 කදී කිසිවකු නොදැවී ලකුණු 88 යි

හිරුණි හංසිකා 41*, සංජනා කාවින්දි 27*

දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණු කොළඹ කණ්ඩායමේ දහමි සෙනෙත්මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකා සහ තේරීම් කමිටු සාමාජිකා රසාංජලී ද සිල්වා මහත්මියගෙන් සම්මානය ලබා ගත් අයුරු.
දක්ෂතම පිතිකාරිණිය ලෙසින් නම් කෙරුණු ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකා සහ තේරීම් කමිටු සාමාජිකා රසාංජලී ද සිල්වා මහත්මියගෙන් සම්මානය ලබා ගත් අයුරු.
දක්ෂතම පන්දු යවන්නිය ලෙසින් නම් කෙරුණු ගාල්ල කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවරී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකා සහ තේරීම් කමිටු සාමාජිකා රසාංජලී ද සිල්වා මහත්මියගෙන් සම්මානය ලබා ගත් අයුරු.
අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණු ගාල්ල කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවරී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකා සහ තේරීම් කමිටු සාමාජිකා රසාංජලී ද සිල්වා මහත්මියගෙන් සම්මානය ලබා ගත් අයුරු.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee