slc
logo
Home   |    News
අගෝස්තු 22, 2024
ශ්‍රී ලංකා ඒ පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක

sinhala editor





 




ශ්‍රී  ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාව තුළ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට සූදානම් වේ. එහිදී දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ හා දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම් අතර, පළමු එක්දින තරගය මේ 31 වැනිදා දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්රූම් හි ජේබී මාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ. සැප්තැම්බර් 2දා හා 3දා දෙවැනි හා තෙවැනි එක්දින ක්‍රිකට් තරග එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු සිවුදින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 8 වැනිදා සිට 11 දා දක්වා කිම්බර්ලිහි කිම්බර්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, දෙවැනි සිවුදින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 15 වැනිදා සිට 18 වැනිදා දක්වා බෙනොනි විලොව්මෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee