slc
logo
Home   |    News
අගෝස්තු 7, 2024
රංජන් මඩුගල්ලේ එක්දින අංශයෙත් ඉතිහාස ගතවෙයි

sinhala editor

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව  පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය මඩුගල්ලේ මහතාගේ 400 වැනි එක්දින තරගය බවට පත්වුණු බැවින් එම තිළිණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් මඩුගල්ලේ මහතාට ප්‍රධානය කරනු ලැබීය.

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07 දා) පැවැත්වෙන එක්දින තරගයට පෙර පැවැති චාම් උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා,  එම සමරු තිළිණය ලබා දුන්නේය. එම අවස්ථාවට දෙපිළේ නායකයින් වන රෝහිත් ෂර්මා සහ චරිත් අසලංක මෙන්ම එම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලබන ඔස්ට්‍රේලියානු ජාතික පෝල් රයිෆල්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ බටහිර ඉන්දීය කොදෙව් හි ජොයෙල් විල්සන් යන විනිසුරුවරුන්ද සහභාගිවූහ.

1993 වසරේ පළමුවෙන්ම තරග තීරකවරයකු ලෙස කටයුතු කළ මඩුගල්ලේ මහතා මේ වන විට ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද  පළමු වැන්නා බවට වූ වාර්තාවද තමන් සතු කරගෙන සිටින්නේය. දශක 3 කට අධික කාලයක් තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ ඇති රංජන් මහතා අන්තර්ජජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරන්නේය.

තරග තීරකවරයකු වීමට පෙර මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 21 කටද එක්දින තරග 63 කට ක්‍රීඩා කර තිබේ. ඔහු 1988 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2 කදී නායකත්වය හොබවා තිබේ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee