slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2024
අද දිනයේ ශතක 5ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ. එමෙන්ම කණ්ඩායම් 3ක් අද දිනයේ ලකුණු 300ට වඩා වැඩියෙන් ලකුණු පුවරුවට එක් කිරීම ද කැපී පෙණුනි.

කොළඹ පිලේ නිපුන් ධනංජය පන්දු 132කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 116ක්, නුවනිඳු ප්‍රනාන්දු පන්දු 138කට මුහුණදී හයේ 5ක් හා හතරේ පහර 18ක් සමඟ ලකුණු 164ක්, ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 87දී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වූහ. කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ පන්දු 97කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 100ක් හා සහන් ආරච්චිගේ පන්දු 128කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 120ක් රැස් කළහ.

අද නිමාවූ තරග දෙකේ ප්‍රතිඵලය සමඟ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ (ලකුණු 12) සමත් වූ අතර, ගෝල් පිල (ලකුණු 8) දෙවැනි තැනට පත්ව සිටී. ජැෆ්නා පිල ලකුණු 7ක් ගබා තෙවැනි තැන, ලකුණු 3ක් ලැබූ කැන්ඩි ලිග සිව්වැනි ස්ථානයේ හා ලකුණු 2ක් ලැබූ දඹුල්ල අවසන් ස්ථානයේ සිටී.

දඹුල්ල – ගෝල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දඹුල්ල – ගෝල් අතර තරගයෙන් දඹුල්ල පිල ලකුණු 187ක දැවැන්ත ජයක් වාර්තා කළේය. දඔුල්ල පිල මෙවර තරගාවලියේ තරග 6කට සහභාගීවී ලැබූ පළමු ජය මෙය වීම විශේෂත්වයකි.

දඔුල්ල පිල කඩුලු 9කට ලකුණු 303 (ඕවර් 48.4)
නිශාන් මධුෂ්ක 35, ලසිත් කෘෘස්පුල්ලේ 110, දිනුර අබේවික්‍රමසිංහ 47, දුෂාන් හේමන්ත 65 (දුනිත් වෙල්ලාලගේ 54/2, මුදිත ලක්ෂාන් 46/3, සනෝජ් දර්ශික 48/2)

ගෝල් පිල සියලු දෙනා දැවී ලකුණු 108 (ඕවර් 23.5 )
පසිඳු සූරිය බණ්ඩාර 20, රවිඳු රෂාන්ත 40, මුදිත් ලක්ෂාන් 19 (කසුන් රාජිත 42/4,ලක්ෂාන් සඳකැන් 9/2)

කොළඹ – කැන්ඩි

හම්බන්තොටදී පැවති කොළඹ – කැන්ඩි අතර තරගයෙන් කොළඹ පිල ලකුණු 5ක තියුණු ජයක් ලැබීය.

කොළඹ පිල කඩුලු 5කට ලකුණු 325 (ඕවර් 50)
නිපුන් ධනංජය 116, නුවනිඳු ප්‍රනාන්දු 164, චමිඳ වික්‍රමසිංහ නොදැවී 27 (නිපුන් රන්දික 60/4)

කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 320 (ඕවර් 49.5)
ළහිරු උදාර 39, අහන් වික්‍රමසිංහ 100,සහන් ආරච්චිගේ 120, ලසිත් ඇඹුල්දෙනිය නොදැවී 18 ( ප්‍රමෝද් මධුෂාන් 56/2, නිවනිඳු ප්‍රනාන්දු 63/3)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar