ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරරගාවලියේ අද නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදි කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (30 දා) සමත්වූවේය. මේ අතර අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රතිඵල රහිත වීම නිසා මූලික වටයේ ලබා ඇති වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත පදනම්ව මුවර්ස් ක්‍රීඩා සමාජය, ඒස් කැපිටල් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවර 64.4 කදී ලකුණු 226 ක් රැස් කරන ලදුව ඊට පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 52 ක් අවසනදී කඩුලු 4 ට ලකුණු 253 ක් ලබා ගැනීමට සමත්විය.
ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ වනුජ සහන් පන්දු 86 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 115 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව තීරක රණතුංග හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස් කළේය. මොවුන් දෙදනො අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්ද 155 කදී ලකුණු 162 ක් විය.
මේ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් සහ රාගම අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ප්‍රතිඵල රහිත විය. පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 ක් රැස් කළ නමුත් ඊඨ පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය. ඒ අනුව මූලික වටය යටතේ ලද වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හේතුවෙන් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 64.4 කදී සියලු දෙනා දැවී ලකුණු 226 යි
ශලින් ද මෙල් 18, සුකිත මනෝජ් 44, රවිඳු රශාන්ත 56, දුනිත් වෙල්ලාලගේ 45, හිරුණ ගාල්ලගේ 15, යසිරු රුද්‍රිෙගා් 16, අනුරාධ රණසිංහ 15*, දනාල් හේමානන්ද 56/5, වනුජ සහන් 38/2, මෙලාන් හංසක 30/2
ඒස් කැපිටලන් පන්දුවාර 52 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 253 යි
හිරාන් ජයසුන්දර 43, තරිඳු අමරසිංහ 28, වනුජ සහන් 115*, තීරක රණතුංග 57, දුනිත් වෙල්ලාලගේ 66/2
මුවර්ස් – රාගම
මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 යි
ඔමේෂ් මෙන්ඩිස් 75, රවිෂාන් ද සිල්වා 12, ලොහාන් ද සොයිසා 76, විශාර ප්‍රනාන්දු 35, තරිඳු ඩිලන්ක 25, රොහාන් සංජය 30, හරිඳු ජයසේකර 25, උවින් පෙරේරා 21/2, දසිත් ගුණතිලක 85/4, කවීෂ දුලංජන 44/2
රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ට ලකුණු 118 යි
ගවිරු සෙන්හස් 53, සහිල් ඩයස් 50*, යෙසිත් රූපසිංහ 08/3