slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2024
තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ දෙවැනි තරගයෙන්ද ලකුණු 30 ක පරාජයකට දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල ඇද දමමින් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්වූවේය. පොචෙස්ට්‍රෝම්හිදී පැවැති පළමු තරගයද ලකුණු 97 කින් ජය ගත් ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කරගත්හ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 269 ක් වාර්තා කළ අතර එය හඹා යෑමේදී දකුණු අප්‍රිකානු ඒ පි පන්දුවාර 41.1 කදී ලකුණු 239 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ පන්දු යවන්නෝ සමත්වූහ.

මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ වමතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත පන්දුවාර 8 කදී කුණු 48 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව වනුජ සහන් ලලකුණු 52 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

එම ඉලක්කය හඹා යෑමේදී නායක මැතිව් බ්‍රිට්ස්කි පන්දු 80 කදී ලකුණු 74 ක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ඒ පිල ජයග්‍රහණය කරා රැගෙන ඒමට වෙහෙස ගත්තද කමිල් මිශාරගේ සහයෝගය අතිව ඔහුගේ කඩුල්ල දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත්වූවේය.

පන්දුවට පහර දීමේදී සාර්ථක වුණු ළහිරු උදාර පන්දු 95 කදී ලලකුණු 86 ක් රැස කර ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුට අමතාරව මැද පෙළින් පැමිණි සහන් ආරච්චිගේ පන්දු 56 කදී ලකුණු 52 ක්ද සොනාල් දිනූෂ සහ චමිඳු වික්‍රමසිංහ පිළිවෙළින් ලකුණු 40 සහ 44 බැගින් රැස් කළහ. මෙහිදී චමිඳු රැස් කරන ලද ලකුණු 44 සඳහා ඔහු පන්දු 35 ක් පමණක් වැය කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 269 යි

ළහිරු උදාර 86, කමිල් මිශාර 10, පසිඳු සූරියබණ්ඩාර 21, සහන් ආරච්චිගේ 52, සොනාල් දිනූෂ 40, චමිඳු වික්‍රමසිංහ 44, ඇන්ඩිල් බෙලුක්වායෝ 51/2, අන්ඩිල් සිමෙලන් 24/2

දකුණු අප්‍රිකානු ඒ පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලකුණු 239 යි

මැතිව් බ්‍රිට්ස්කි 74, මීකා යීල් ප්‍රින්ස් 44, සෙනුරාන් මුතුසාමි 37, ඇන්ඩිල් බෙලුක්වායෝ 24, ඇන්ඩිල් සිමෙලන් 27, දුෂාන් හේමන්ත 48/5, චමිදු වික්‍රමසිංහ 52/2

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee