slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2024
වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය.

පෙර දිනයේ සිටම පැවැති වර්ෂාව අද දිනයේදීීත් පතිත වීම නිසා උදෑසන සිටම තරගය පැවැත්වීමට සුදුසු ත්ත්තවයක් නොපැවතිණ. තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද හේමන්ත බොතේජු සහ නිමාල් පෙරේරා මෙන්ම සහායක විනිසුරු රෝහිත කොට්ටහච්චි මෙන්ම තරග තීරකවාරිය වන වැනේසා ද සිල්වා අවස්ථා කීපයකීම ක්‍රීඩාංගණයේ පරීක්ෂා කළද එය තරගය පැවැත්වීමට තරම් අපේක්ෂිත මට්ටමක නොපැතිණ.

එබැවින් මෙම තරගය අතහැර දැමුණු තරගයක් ලෙසින් තීරණය විය. ඒ අනුව තරගාවලියේ දෙවැනිසහ අවසන් එක් දින තරගය මේ මස 10 වැනිදා කොළඹ තර්ස්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee