slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එක්දින තරගාවලිය 2-1 ලෙස ජය වාර්තා කරයි

sinhala editor

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම නිසා තරගාවලිය 2-1 ක් ලස සත්කාරකයින් හමුවේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 6 කට ලකුණු 306 ක දැවැන්ත ඉලක්කයක් දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල හමුවේ ලබා දීමට සමත් වුවද දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් බෙඩිගම් පන්දු 129 කදී වේගවත් ලකුණු 188 ක් රැස් කිරීමට සමත්වීම නිසා තරගය පහසුවෙන්ම ජය වාර්තා කිරීමට සත්කාරකයින්ට අවස්තාව උදාවිය.

ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ ඩේවිඩ් සිය ඉනිම සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 20 ක් එල්ල කළේය. එම ඉනිම ප්‍රධාන කොට දකුණු අප්‍රිකානුවෝ තරගයේ ජය වාර්තා කරන විට ලකුණු පුවරුවේ පන්දු 43 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව පැවැතිණ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් යළිත් සාර්ථක වුණු ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 94 කදී ලකුණු 90 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. එයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය. අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 52 කදී ලකුණු 52 ක් ලබද්දී 7 වැනි කඩුල්ලට එක් වුණු චමිඳු වික්‍රමසිංහ සහ දිනුර කලුපහන දෙදෙනා ලකුණු  121 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. ඒ වෙනුවෙන් චමිඳු හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 54කදී ලකුණු 70 ක්ද දිනුර හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 57 කදී ලකුණු 45 ක්ද වාර්තා කළහ. මොවුන් දෙදෙනාගේම ඉනිම නොබිඳිව පැවැතීම කැපී පෙනෙන්නක් විය.

ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම  පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 308 යි

ළහිරු උදාර 90, කමිල් මිශාර 11, නුවනිිඳු ප්‍රනාන්දු 52, පසිඳු සූරියබණ්ඩාර 11, සහන් ආරච්චිගේ 00, පවන් රත්නායක 09, චමිඳු වික්‍රමසිංහ 70, දිනුර කලුපහන 45*, ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් 46/4

දකුණු අප්‍රිකානු ‘ඒ‘ ඉනිම පන්දුවාර 42.5 කදී කඩුලු 5 කට ලකුණු 311 යි

ඩේවිඩ් බෙඩිංගම් 188*, ටෝනි ඩි සෝර්සි 25, මැතිව් බිට්ස්කි 36, මීකා යිල් ප්‍රින්ස් 31, දුෂාන් හේමන්ත 58/2, නුවනිඳු ප්‍රනාන්දු 44/1, දිනුර කලුපහන 54/1, කවිඳු නදීෂාන් 52/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee