slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එක්දින තරගාවලිය 2-1 ලෙස ජය වාර්තා කරයි

sinhala editor

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම නිසා තරගාවලිය 2-1 ක් ලස සත්කාරකයින් හමුවේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 6 කට ලකුණු 306 ක දැවැන්ත ඉලක්කයක් දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල හමුවේ ලබා දීමට සමත් වුවද දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් බෙඩිගම් පන්දු 129 කදී වේගවත් ලකුණු 188 ක් රැස් කිරීමට සමත්වීම නිසා තරගය පහසුවෙන්ම ජය වාර්තා කිරීමට සත්කාරකයින්ට අවස්තාව උදාවිය.

ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ ඩේවිඩ් සිය ඉනිම සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 20 ක් එල්ල කළේය. එම ඉනිම ප්‍රධාන කොට දකුණු අප්‍රිකානුවෝ තරගයේ ජය වාර්තා කරන විට ලකුණු පුවරුවේ පන්දු 43 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව පැවැතිණ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් යළිත් සාර්ථක වුණු ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 94 කදී ලකුණු 90 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. එයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය. අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 52 කදී ලකුණු 52 ක් ලබද්දී 7 වැනි කඩුල්ලට එක් වුණු චමිඳු වික්‍රමසිංහ සහ දිනුර කලුපහන දෙදෙනා ලකුණු  121 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. ඒ වෙනුවෙන් චමිඳු හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 54කදී ලකුණු 70 ක්ද දිනුර හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 57 කදී ලකුණු 45 ක්ද වාර්තා කළහ. මොවුන් දෙදෙනාගේම ඉනිම නොබිඳිව පැවැතීම කැපී පෙනෙන්නක් විය.

ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම  පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 308 යි

ළහිරු උදාර 90, කමිල් මිශාර 11, නුවනිිඳු ප්‍රනාන්දු 52, පසිඳු සූරියබණ්ඩාර 11, සහන් ආරච්චිගේ 00, පවන් රත්නායක 09, චමිඳු වික්‍රමසිංහ 70, දිනුර කලුපහන 45*, ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් 46/4

දකුණු අප්‍රිකානු ‘ඒ‘ ඉනිම පන්දුවාර 42.5 කදී කඩුලු 5 කට ලකුණු 311 යි

ඩේවිඩ් බෙඩිංගම් 188*, ටෝනි ඩි සෝර්සි 25, මැතිව් බිට්ස්කි 36, මීකා යිල් ප්‍රින්ස් 31, දුෂාන් හේමන්ත 58/2, නුවනිඳු ප්‍රනාන්දු 44/1, දිනුර කලුපහන 54/1, කවිඳු නදීෂාන් 52/1

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee