slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2024
ශ්‍රී ලංකා බාලිකාවෝ සටනක් දී පරදියි

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් තියුණු තරගාවසානයකින් පසු ඔස්ට්‍රේලියානු අවු. 19 න් පහළ බාළිකා පිල හමුවේ ලකුණු 4 ක පරාජයකට මුහුණ දුන්නේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු බාලිකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 117 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා බාලිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අනගි පිතිහරඹයක යෙදුණු විමෝක්ෂා බාලසූරිය පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක්ද ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි පන්දු 34 කදී ලකුණ 29 ක් ද ලබාගත්හ.

ආරම්භක පිතිකාරිණිය වූ හිරුණු හංසිකා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වූ විමෝක්ෂා බාලසූරිය සහ සංජනා කාවින්දි පන්දු 68 කදී ලකුණු 68 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැමූහ. එහෙත් අනතුරුව පැමිණි කිසිදු පිතිකාරිණියන් යුගලක් කඩුලු අතර සම්බන්ධතා ලකුනු 20 එපිටට රැගෙන යෑමට අපොහොසත් වූහ.

මැද පෙළින් පැමිණි නායිකා මනුදි නානායක්කාර (14) හැරුනු කොට සෙසු පිතිකාරිනියන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම ශ්‍රී ලංකා පරාජයට පැහැදිළිවම බලපෑ හේතු කාරණා විය. ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල ලෙසින් නායිකාව පිටියෙන් ඉවත් වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 18.4 කදී ලකුණු 105 ක් ලෙසින් සටහන්වි තිබිණ.

ඔස්ට්‍රේලියානු බාළිකා පිල වෙනුවෙන් සමාරා ඩුල්වින් ලකුණු 45 ක් ලබා ගනිද්දී ඉනේස් මැකියොන් ලකුණු 22 ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී හිරුණි හංසිකා ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගනිද්දී රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, අසේනි තලගුණේ සහ ප්‍රමුදි මෙත්සරා කඩුල්ල බැගින් දවා ගත් පන්දු යවන්නියන්ගේ සමාජයට එකතුවී සිටියහ. ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමේදී ඇමී හන්ටර් සහ හස්රට් ගිල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඔස්ට්‍රේලියානු අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 116 යි

ඉනේස් මැකියොන් 22, සමාරා ඩුල්වින් 45, ලුසී ෆින් 16, හිරුණි හංසිකා 22/2, රශ්මිකා සෙව්වන්දි 16/1, රශ්මි නේත්‍රාංජලී 20/1, අසේනි තලගුණේ 21/1, ප්‍රමුදි මෙත්සරා 10/1

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 112 යි

විමෝක්ෂා බාලසූරිය 40, සංජනා කාවින්දි 29, මනුදි නානායක්කාර 14, ඇමී හන්ටර් 09/2, හස්රට් ගිල් 17/2, එලා බ්‍රිස්කෝ 18/1, ලිලී බසිංවෙය්ට් 15/1, ජුලියට් මෝර්ට්න් 24/1, කාමෝ බ්‍රේ 18/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee