slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2024
ශ්‍රී ලංකා බාළිකාවෝ දෙවැනි වතාවටත් නවසීලන්තය පරාජ කරති

sinhala editor

ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි
වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව හා නවසීලන්තව අතර තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 4ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු තැනට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාව තරග 2ක් ජයග්‍රහණය කොට 2 වැනි ස්ථානයට පත්විය. සියලු තරග පරාජය වූ නවසීලන්තය තෙවැනි තැනට පත්විය. 

ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන මෙම තුන්කොන් තරගාවලිය ඕස්ට්‍රේගියාවේදී පැවැත්වෙන අතර, අද තරගය ක්වින්ස්ලන් බිල් පිපොන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 110ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර් 20 තුලදී කඩුලු 6ක් දැවී ලකුණු 103ක් ලබා ගත්හ. නායිකා මනුදි නානායක්කාර පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 41ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූවාය. විමෝක්ෂා බාලසූරිය ද පන්දු 22කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 24ක් හා දැහැමි සෙනෙත්මා පන්දු 23කදී හතරේ 2ක් සමඟ ලකුණු 18ක් ද ලබා ගත්තාය. මනුදි හා දැහැමි 5 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගූහ.

දී චමෝදි ප්‍රබෝධා නවසීලන්ත පිලේ කඩුලු 2ක් ලකුණු 12කට දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර, ප්‍රමුදි මෙත්සරා කඩුලු 2ක්, හිරුණි හංසිකා සහ අශේනි තලගල කඩුල්ලක් බැගින් බිඳහෙලූහ.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල කඩුලු 9කට ලකුණු 110 (ඕවර් 20) 
විමෝක්ෂා බාලසූරිය 24, මනුදි නානායක්කාර 41, දැහැමි සෙනෙත්මා 18, (අනීකා ටොඩ් 22/3, කේට් ඉර්වින් 13/3)

නවසීලන්ත අවුරුදු 19න් පහළ පිල කඩුලු 6කට ලකුණු 103 (ඕවර් 20) 
ඊවා වොලන්ඩ් 23, ඉසී ෂාප් 22, ඩැරී රෝස් 18 (චමෝදි ප්‍රබෝධා 12/2, ප්‍රමුදි මෙත්සරා 15/2)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee