slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2024
46 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධානය අද

sinhala editor

ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන 108 කින් යුක්ත වන අතර එහි වඩාත්ම ආකර්ශනීය සම්මානය වන වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායමේ නායක දිනුර කලුපහන සහ ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න සම්මාන ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් වර්ණ ප්‍රධානය අද (26 දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 3 ට ආරම්භ වනු ඇත.

මෙම වර්ණ ප්‍රධානයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහභාගිවනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ආචාර්ය ජයන්ත ධර්මදාස, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, උප භාණ්ඩාගාරික ලසින්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ට අමතරව විධායක කමිටු සාමාජික මහත්වරුද සහභාගිවීමට නියමිතව සිටිති. ඊට අමතරව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා ඇතුළු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලදාරීන්ද මෙම අවස්ථාවට එකතු වනු ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee