slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2024
කොළඹ ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ලකුණු 44කින් එන්සීසී පරදවති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 44කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) ක්‍රීඩිකාවෝ සමත් වූහ. එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු 130ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එන්සීසී ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 69කට දවා ගැනීමට සීසීසී පිල සමත් විය.

එන්සීසී ඉනිම කඩා බිඳහෙලූ ලිමී තිලකරත්න ලකුණු 8කට කඩුලු 3ක් බිදහෙලූ අතර, හිමාෂා පෙරේරා හා නෙත්මි ගුණරත්න කඩුලු 2 බැගින් බිඳහෙලූහ. කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) පිල වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 37ක් ලබා ගත්තාය.

ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය හෙට (26) ගාල්ල ක්‍රීඩා සමාජ කාන්තා පිල අතර හා බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

කොළඹ ක්‍රිකට් සමාජ (සීසීසී) පිල කඩුලු 9කට ලකුණු 130 ( ඕවර් 33)
විශ්මි ගුණරත්න 37, සඳලි වීරසිංහ 21, නෙත්මි ගුණරත්න නොදැවී 40, අතිරේක 10 ( හර්ෂණී විජේරත්න 21/2, මල්ෂා නිරාෂා 30/2, විනලි වීනස් 26/2)

එන්සීසී පිල සියලු දෙනා දැවී ලකුණු 69 ( ඕවර් 24.3)
ලක්ෂි අභිමාණී 10, ඉෂිනි සොයිසා 9, ගීත්මා මයන්ති 9 ( ලිමී තිලකරත්න 8/ 3, හිමාෂා පෙරේරා 13/2, නෙත්මි ගුණරත්න 11/2)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee