ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල පරාජයට පත්කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක ජයක් හිමිකර ගත්හ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දු රැකිමට තීරණය කළ හෙයින් ගාල්ල ක්‍රිකට් සමාජයේ කාන්තා පිල ලකුණු 72කට සීමා වූවේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල ඕවර් 10.2ක් තුලදී කඩුලු 2ක් දැවී වේගවත් ලකුණු 73ක් ලබා ජය තහවුරු කර ගත්තේය. ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ හෙට (27) තරග 6ක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී, ගාල්ල ක්‍රිකට් සමාජ කාන්තා පිල හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේදී, කුරුණෑගල යොවුන් කාන්තා පිල හා ටැමිල් යූනියන් අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී, ඒස් කැපිටල් කාන්තා පිල හා කෝල්ට්ස් කාන්තා පිල අතර නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේදී හා බීආර්සී පිල හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල අතර වැලිසර නාවික හමුදා ක්‍රිඩා පිටියේදී පැවැත්වේ. ගාල්ල ක්‍රිකට් සමාජ කාන්තා පිල ලකුණු 69 ( ඕවර් 28. 2) අනුකි ඉමන්දි 10, මහින්සා නෙත්මිණි 13, අයේෂා මධුෂාණි නොදැවී 11, අතිරේක 15 ( විහාරා සෙව්වන්දි 14/2, හිරුණිකා නිවර්තනී 7/2) බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2කට ලකුණු 72 (ඕවර් 10.2)
ඔක්තෝබර් 26, 2024
බදුරලිය කාන්තාවන්ට කඩුලු 8ක ජයක්