slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ පිතිකරුවෝ අසාර්ථක වෙති

sinhala editor

නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානු ඒ පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්වින්දේය. මෙම තරගය ඕමාන්හි අල් ඇැමරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසනදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. ශ්‍රී ලංකා ඒ පිලට එරෙහිව අභියෝගාත්මක  පන්දු යැවීමක නිරත වුණු ෆරිදූන් දවුද්සායි ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර බිලාල් සාමි සහ මොහොමඩ් ඝන්ස්න්ෆර් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 166 ක් ලබා ගත් අතර එහිදී සපිරි පිතිහරඹයක නිරත වුණු සුබේඩ් අක්බාරි (52) සහ සෙදිකුල්ලා අතාල් (83) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 142 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනංවනු ලැබීය.

පන්දු 46 කට මුහුණ දුන් සෙදිකුල්ලා හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිද්දී අනෙක් අර්ධ ශතක ලාභියා වූ අක්බාරි තම ඉනිම හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණ         දුෂාන් හේමන්ත තම පන්දුවාර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 6 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනුණේය.

මේ අතර ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයෙය් නායක නුවනිඳු ප්‍රනාන්දු වන අතර ඔහු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 51 ක් රැස් කළේය. ඔහුට අමතරව අහන් වික්‍රමසිංහ පන්දු 19 කදී ලකුණු 31 ක් රැස් කළේ තම ඉනිමට හතරේ පහර 3 ක් එල්ල කරමිනි. මොවුන් දෙදෙනාට අමතරව ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට එකම ශ්‍රී ලංකා ඒ පිතිකරුවකු සමත් නොවීම මෙම තරගයේ පැහැදිළිවම පරාජයට හේතු සාධක විය.

ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 166 යි

සුබේඩ් අකබාරි 52, සෙදිකුල්ලා අතාල් 83, දුෂාන් හේමන්ත 23/5

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලකුණ 155 යි

යශෝධ ලංකා 15, නුවනිඳු ප්‍රනාන්දු 51, අහන් වික්‍රමසිංහ 31, ෆරිදූන් දවුද්සායි 40/3, බිලාල් සාමි 19/2, මොහොමඩ් ඝන්සන්ෆර් 19/2

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar