slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2024
NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ.

දැනටමත් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කොළඹ පිල (ලකුණු 12) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, දෙවැනි තැන සිටින ගෝල් පිලට හා ජැෆ්නා පිලට අවසන් මහා තරගයට පිවිසීමට හෙට තරග ප්‍රතිඵල ඉතාම වැදගත් වේ. ලකුණු 9ක් ලබා ලකුණු සටහනේ දෙවැනි තැන සිටින ජැෆ්නා පිල හෙට තරගය ජයගතහොත් ලකුණු 11ක් බවට පත්කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, ලකුණු 8ක් ගෙන තෙවැනි තැන සිටින ගෝල් පිල හෙට තරගය ජයගතහොත් ලකුණු 10ක්වී තෙවැනි ස්ථානයේ සිටී. ඒ ආකාරයෙන් ප්‍රතිඵල සටහන් වුවහොත් කොළඹ – ජැෆ්නා අවසන් සටනට පිවිසෙනු ඇත.

හෙට මූලික වටයේ අවසන් තරග දෙකේදී ජැෆ්නා පිල පරාජයට පත්වී හෝ එම තරගය විසඳුමකින් තොරව නිමාවී ගෝල් තරගය ජය ගතහොත් ගෝල් පිලට අවසන් මහා තරගයේ දොරටු විවිර වේ. ලකුණු 4ක් ලබා ඇති කැන්ඩි පිල සිව්වැනි ස්ථානයේ හා ලකුණු 3ක් ලැබූ දඹුල්ල අවසන් ස්ථානයේ සිටින බැවින් ඔවුන්ට අවසන් තරගයේ අපේක්ෂා දැනටමත් සුන්වී ගොස් තිබේ.

මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම ලකුණු ගණනක් වාර්තා කොට ඇත්තේ කැන්ඩි පිලේ 27 හැවිරිදි කවීන් බණ්ඩාර වන අතර, ඔහු තරග 8කදී ඉනිම 8කට මුහුණදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 287ක් ලබා සිටින අතර, කොළඹ පිලේ නායක චරිත් අසලංක තරග 5කදී ඉනිම 5කට මුහුණ දෙමින් ශතක 2ක් සමඟ ලකුණු 286ක් ලබා සිටී. ගෝල් පිලේ යශෝධ ලංකා තරග 7කදී ඉනිම 7කට මුහුණදී ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ ලකුණු 279ක් ලබා සිටී. චරිත් අසලංක සහභාගී වූ තරග පහේදී හතරේ පහර 24ක් හා හයේ පහර 13ක් රැස් කිරීම කැපී පෙණුනි.

මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙනදීමට කොළඹ පිලේ 23 හැවිරිදි වමත් දඟ පන්දු යවන දිලුම් සුධීර තිලකරත්න සමත්ව ඇත. ඔහු තරග 7කදී ලකුණු 226කට කඩුලු 14ක් ලබා සිටින අතර, ඕවරයකට ලකුණු සමාන්‍ය 4.43කි. දෙවැනි ස්ථානයේ ගෝලි පිලේ මුදිත ලක්ෂාන් සිටින අතර ඔහු තරග 7කදී ලකුණු 190කට කඩුලු 13ක් දවාගෙන ඕවරයක ලකුණු සාමාන්‍ය 3.35ක් ලෙස රඳවා ඇත. තෙවැනි ස්ථානයේ ජැෆ්නා පිලේ ඉසිත විජේසුන්දර සිටින අතර, ඔහු තරග 3කදී ලකුනු 120කට කඩුලු 11ක් දවාගෙන ඕවරයක ලකුණු සාමාන්‍ය 4.80ක් රඳවා ඇත.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee