slc
logo
Home   |    News
ජනවාරි 12, 2025
පළමු දිනයේදී පිතිකරුවන් පස්දෙනකුගෙන් ශතක

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් පස්දෙනකුම ශතක වාර්තා කිරීමට සමත් විණි.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – ඒස් කැපිටල් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රවිඳු රසන්ත පන්දු 260කදී හතරේ පහර 20ක් සමග නොදැවී ලකුණු 173ක් ද එම කණ්ඩායමේ අංක තුන පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පන්දු 119කදී හතරේ පහර 16ක් හයේ පහර දෙකක් සමග ලකුණු 130ක් ද එන්.සී.සී. – ටැමිල් යුනියන් අතර තරගයේ දී එන්.සී.සී. ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පන්දු 105කදී හතරේ පහර 13ක් හා හයේ පහර දෙකක් සමග ලකුණු 108ක් ද කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. තරගයේ දී කැන්ඩි කස්ටම් කණ්ඩායමේ සහන් කෝසල පන්දු 106ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර පහක් සමග කඩිනම් ලකුණු 128ක් ද නුගේගොඩ සහ සී.සී.සී. අතර තරගයේ දී නුගේගොඩ කණ්ඩායමේ අවිශ්ක පෙරේරා පන්දු 164කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුහ.

 බී.ආර්.සී. සහ කුරුණෑගල තරුණ කණ්ඩායම අතර තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ රිසිර වීරසූරිය ලකුණු 99ක් ලබා සිටිය දී (පන්දු 235යි හතරේ හයයි හයේ පහරයි) දැවී ගියේ ශතකය පෙනෙමින් සිටි අවස්ථාවකදීය. මෙදින පැවැති තරග අටෙන් සී.සී.සී – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක තරගයේ දී පමණක් කාසියේ වාසිය දිනු සී.සී.සී. කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය. ඉතිරි තරග හතේම කාසියේ වාසිය දිනු කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 රාගම – පාණදුර තරගයේ දී පාණදුර කණ්ඩායමේ මොහමඩ් ඩිල්ෂාඩ් ලකුණු 44කට කඩුලු පහක් ද බදුරලිය – පොලීසිය අතර තරගයේ දී පොලීසියේ දිලුම් සුධීර ලකුණු 44කට කඩුලු පහක් ද දවාලමින් පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

  • එන්.සී.සී. – ටැමිල් යුනියන්

 වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. –  ටැමිල් යුනියන් තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල (108) සහ ළහිරු උදාර (39) ප්‍රථම කඩුල්ලට ලකුණු 93ක් රැස් කර ගැනීම ප්‍රධාන කර ගනිමින් එන්.සී.සී. මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 283ක් රැස් කළේය.

 නිරෝෂන් දික්වැල්ල පන්දු 105කට මුහුණ දී හතරේ පහර 13ක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 108ක් ද ළහිරු උදාර පන්දු 40ක දී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 39ක් ද රැස් කළේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමිනි. ටැමිල් යුනියන් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වු විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු තුනක් දවාලුවේ ලකුණු 49ක් ලබා දෙමිනි.

 පළමු දින තරගය නතර කරන විට ටැමිල් යුනියන් කඩුලු 4කට ලකුණු 117ක් ලබා සිටියේය.

එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 283 – (නිරෝෂන් දික්වැල්ල 108, කවීන් බණ්ඩාර 44, ළහිරු උදාර 39, කමිල් මිෂාර 23, දුෂ්මන්ත චමීර 23, විජයකාන්ත් වියස්කාන්ත් 49/3, නවෝද් පරණවිතාන 32/2, විහස් තෙව්මික 47/2, තරිඳු රත්නායක 76/2යි)

ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 4ට 117යි – (නවෝද් පරණවිතාන 50, තුලින දිල්ෂාන් 40, අසේල සිගේරා 9/1, අෂේන් ඩැනියල් 41/1)

  • බදුරලිය – පොලීසිය

 බදුරලිය සහ පොලීසිය අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායමට පළමු ඉනිමේ දී සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුණු 125ක් පමණකි. දක්ෂ පන්දු යැවීමක නිරත වු පොලීසියේ දිලුම් සුධීර ලකුණු 47කට කඩුලු පහක් ද නලින් ප්‍රියදර්ශන ලකුණු 43කට කඩුලු තුනක් ද දවාලුහ.

 තරගය ප්‍රථම දින නතර කරන විට පොලීසිය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් ලබා සිටියේය. එහිදී රශ්මික පෙරේරා නොදැවී ලකුණු 48ක් ලබා සිටීමට සමත් විය.

බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 125 – (ගීත් කුමාර 35, සසංක නිර්මාල් 17, රනේෂ් සිල්වා 16, අලංකාර අසලංක 14, චලන ද සිල්වා 13, දිලුම් සුධීර 47/5, නලින් ප්‍රියදර්ශන 43/3)

 පොලීසිය මුල් ඉනිම පළමු දින තරගය නතර කරන විට කඩුලු 1ට 88 – (රශ්මික පෙරේරා නොදැවී 48, හෙෂාන් ප්‍රනාන්දු නොදැවී 38, නිලංක ප්‍රේමරත්න 21/1)

  • රාගම – පාණදුර

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති රාගම – පාණදුර තරගයේ කාසියේ වාසිය දිනු රාගම කණ්ඩායමට පාණදුර කණ්ඩායමේ මොහමඩ් ඩිල්ෂාඩ්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු ඉනිමේ දී ලබාගත හැකි වුයේ ලකුණු 161ක් පමණකි. මොහමඩ් ඩිල්ෂාඩ් ලකුණු 44කට කඩුලු පහක් ද ඉම්තියාස් ස්ලාසා ලකුණු 51කට කඩුලු තුනක් ද දවා පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

 පාණදුර පළමු දින තරගය නිම වන විට කඩුලු හතරකට ලකුණු 108ක් ලබා සිටි අතර සංතූෂ් ගුණතිලක ලකුණු 22කට කඩුලු තුනක් දවාලීමට සමත් විය.

 රාගම පළමු ඉනිම සියල්ල දැවී 161යි – (යොහාන් ලියනගේ 28, ගජිත කොටුවේගොඩ 27, දිනෙත් තිමෝද්‍ය 26, සංතූෂ් ගුණතිලක 26, රමිත් ජයසේන 12, මොහමඩ් ඩිල්ෂාඩ් 44/5, ඉම්තියාස් ස්ලාසා 51/3)

පාණදුර පළමු ඉනිම පළමු දින තරගය නතර කරන විට කඩුලු 4ට 108 – (රමිඳ විජේසූරිය 43, රුමේෂ් බුද්ධික නොදැවී 19, සංතූෂ් ගුණතිලක 22/3, ශෂික දුල්ෂාන් 43/1)

  • කුරුණෑගල තරුණ – බී.ආර්.සී.

 කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති කුරුණෑගල තරුණ – බී.ආර්.සී. තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බී.ආර්.සී. කණ්ඩායමේ අංක තුන පිතිකරු රිසිර වීරසූරිය ශතකයක් පෙනෙමින් සිටි අවස්ථාවක ලකුණු 99කට දැවී ගියේ අවාසනාවන්ත අයුරිනි. රිසිර පන්දු 235කට මුහුණ දී හතරේ පහර හයක් හයේ පහරක් සමග ලකුණු 99ක් ලැබීය.

 බී.ආර්.සී. පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 230ට පිළිතුරු ලෙස පළමු දිනය නිම වන විට කුරුණෑගල තරුණ කණ්ඩායමට කඩුලු දෙකක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 19ක් පමණකි. එහිදී නවීන් ප්‍රනාන්දු එම කඩුලු දෙකම දවාලුවේ ලකුණු හයක් පමණක් ලබා දෙමිනි.

 බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 230 – (රිසිර වීරසූරිය 99, දිනුර අබේවික්‍රම 35, මොවින් සුබසිංහ 27, නවිනිඳු නිර්මාල් 16, චාමික හීනටිගල 14, දිලංක අවුවාඩ් 98/3, දිනුෂ්ක මාලන් 24/2, ළහිරු ජයරත්න 53/2)

කුරුණෑගල තරුණ පළමු දින තරගය නිම වන විට කඩුලු 2ට 18 – (නවීන් ප්‍රනාන්දු 6/2)

  • කැන්ඩි කස්ටම් – එස්.එස්.සී.

 තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී අද (10) ආරම්භ වු කැන්ඩි කස්ටම් එස්.එස්.සී. තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 424ක (පන්දුවාර 79.3) දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කර ගත්තේය.

  කැන්ඩි කස්ටම් ඉනිමේ විශේෂත්වය වුයේ සහන් කෝසල පන්දු 106කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර පහක් සමග නැවත වතාවක් කඩිනම් ශතකයක් වාර්තා කිරීමය.

 එස්.එස්.සී. කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වු ප්‍රභාත් ජයසූරිය ලකුණු 160කට දවාලු කඩුලු සංඛ්‍යාව හතරකි.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 424යි – (සහන් කෝසල 128, මනෝජ් සරත්චන්ද්‍ර 68, රොස්කො තටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව 37, සහන් අදීෂ 19, ඉමල් ලියනගේ 17, ප්‍රභාත් ජයසූරිය 160/4, කවිඳු නදීෂාන් 71/3, දිනුර කළුපහන 91/2)

එස්.එස්.සී. පළමු ඉනිම කිසිවකු නොදැවී 19යි

  • හලාවත මේරියන්ස් – මීගමුව

හලාවත මේරියන්ස් සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු මේරියන්ස් කණ්ඩායම පළමු දින තරගය නිම වන විට කඩුලු හතරකට ලකුණු 272ක් ලබා සිටියේය.

 ආරම්භක පිතිකරු ලසිත් ලක්ෂාන් මෙදින පන්දු 168කට මුහුණ දී හතරේ පහර දහයක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 94ක් රැස් කර දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්විය. හංසජ හිරුණ මීගමුව පිල වෙනුවෙන් ලකුණු 51කට කඩුලු දෙකක් දවාලුවේය. ලසිත් ලක්ෂාන් (94) සහ අෂාන් රන්දික (36) ප්‍රථම කඩුල්ලට ලකුණු 75ක් රැස් කළහ.

 හලාවත මේරියන්ස් පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 4ට 272යි – (ලසිත් ලක්ෂාන් 94, ෂෙහාන් ජයසූරිය නොදැවී 47, අෂාන් රන්දික 36, පැතුම් කුමාර නොදැවී 33, කසුන් විදුර 21, දුෂාන් විමුක්ති 17, හංසජ හිරුණ 51/2)

 කෝල්ට්ස් – ඒස් කැපිටල්

 කෝල්ට්ස් – ඒස් කැපිටල් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වු තරගයේ දී කාසියේ වාසිය දිනු කෝල්ට්ස් කණ්ඩායම පන්දුවට පහර දෙද්දී ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත (නොදැවී 173) සහ අංක තුන පිතිකරු ශ්‍රී ලංකා ක්‍රිඩක දිනේෂ් චන්දිමාල් (130) දෙවන කඩුල්ලට පන්දුවාර 75.4කදී ලකුණු 224ක සබඳතාවයක් තබා ගැනීමට සමත් විණි.

 රවිඳු රසන්ත පන්දු 260කට මුහුණ දී හතරේ පහර විස්සක් සමග ලකුණු 173ක් ද දිනේෂ් චන්දිමාල් පන්දු 119කදී හතරේ 16ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 130ක් ද රැස් කිරීමට සමත් වුහ.

 කෝල්ට්ස් පළමු ඉනිම ප්‍රථම දින අවසාන වන විට කඩුලු 3ට 390 – (රවිඳු රසන්ත නොදැවී 173, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70, රොෂාන් ජයතිස්ස 45/1, රවීන් ද සිල්වා 41/1යි)

  • සී.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (10) ආරම්භ වු සී.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් සී.සී.සී. කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. අද ආරම්භ වු තරග අටෙන් කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කළේ සී.සී.සී. කණ්ඩායම පමණකි.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ ආරම්භක පිතිකරු අවිශ්ක පෙරේරා මෙදින පන්දු 164කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ දෙකක් සමග ලකුණු 106ක් රැස් කිරීමට සමත් විණි. අවිශ්ක පෙරේරා සහ ඩිලාන් ජයලත් (30) ප්‍රථම කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 57කි. ප්‍රථම දින නිම වන විට නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය කඩුලු 7කට ලකුණු 292ක් ලබා සිටියේය.

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 292යි – (අවිශ්ක පෙරේරා 106, කෙවින් පෙරේරා 49, ඩිලාන් ජයලත් 30, ඇන්ජලෝ පෙරේරා 26, රාහුල් ගුණසේකර නොදැවී 24, චමත් ගෝමස් 22, ධනංජය ද සිල්වා 70/3, ඉසුරු උදාන 26/2, චමිඳු විජේසිංහ 63/2යි)

Active filters

Recent Posts

  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]
  • එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee